
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වාහන ආනයනයෙන් රජය බලාපොරොත්තු වූයේ රුපියල් කෝටි 44100ක් නමුත් රුපියල් කෝටි 90,400ක ආදායමක් දැනටමත් ලබාගෙන ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
වාහන ආනයනයේදී ආනයනකරුවන්ට මෙම අධිභාරය පනවා ඇත්තේ රට තුළ විදේශ විනිමය රඳවා ගැනීමේ අපේක්ෂාවෙන් බවද ඔහු කීවේය.
අබේගුණවර්ධන මහතා:
වාහනවලට දින අනුවක් ඇතුළත සියයට තුනක බද්දක් එකතුවෙනවා. මාස පහක් ඇතුළත සියයට 45 දක්වා යනවා. මේකෙ අවසාන බර යන්නේ පාරිභෝගිකයාට.
හම්බන්තොට වරායේ වාහන දහසක් හිරවී තිබෙනවා. අවුරුද්කට වැඩි කාලයක් තිස්සේ. ඉතාමත්ම සුඛෝපභෝගී වාහන. අපේ රටේ මුදල් ඩොලර් වලට ගිහිල්ලා. මේ වාහන නිදහස් කරන්න ක්‍රමවේදයක් හදන්න. මුහුද අාශ්‍රිතව තිබිලා මේ වාහන විනාශ වෙන තැනකට ඇවිල්ලා. වාහන වල වටිනාකමත් වැඩිවෙලා. තව කාලයක් තිබ්බොත් මේ වාහන පාවිච්චි කරන්න බෑ.
නියෝජ්‍ය අමාත්‍ය
අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතිනවා. යම් විසඳුමකට එළඹෙන්න කියලා අධිකරණය කියලා තියෙනවා. මුදල් අමාත්‍යාංශය ඒකට චක්‍රලේඛයක් නිකුත් කරලා තිබෙනවා. ඒ අනුව යම් පිරිසක් වාහන නිදහස් කරගෙන තියෙනවා. අධිකරණ කටයුත්තක් සිදුවන නිසා ක්‍රමවේදය ගැන සාකච්ඡා කරන එක සුදුසු නැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර වගේ ඔතන ඉන්න නිලධාරීන් දැන් පගාවට වැඩනේ... නැතිනම් මෙලහකටත් ඔය වාහන ටික එළියේ...