IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


’වාහන ආනයනය සීමා රේගු ආදයම් ඉලක්කයට අභියෝගයක්’

(කේ බුද්ධික කුමාරසිරි)

රේගුව විසින් ලබන බදු  ආදායමෙන් 25 % ක් පමණ ලබාගන්නේ වාහන ආනයනයෙන් බවත් , ඊට සීමා පනවා තිබීම හේතුවෙන් රේගු ආදායම් ඉලක්ක කරා ගමන් කිරීමේදී විශාල අභියෝග වලට මුහුණ දීමට සිදුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය

පාර්ලිමේන්තු ආංශක අධීක්ෂණ කාරක සභාවකදී පසුගියදා හෙලිකළ පරිදි මේ වසරේ රේගු ආදායම් ඉලක්ක කරා ගමන් කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් අද (09) දින රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම කරැණු අනාවරණය කරන ලදී
එහිදී තවදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා මෙසේද කීය.
මේ වසරේ ඉලක්ක ගත රේගු ආදායම රුපියල් බිලියන 1220 ක් වූ  නමුත් ආර්ථිකය සාමාන්‍ය පරිදි පැවති ආසන්නම වර්ෂය වූ 2018 වසරේදීද රේගු ආදායම ලෙස උපයා ඇත්තේ රුපියල් බිලියන 918 ක්  පමණයි. මේ වසරේදී රුපියල් බිලියන 1220 ක ඉලක්ක ගත ආදායමක් ලබාදී රේගුවේ ප්‍රධානම ආදායම් මාර්ගය වූ භාණ්ඩ ආනයනය වසා දමා තිබෙනවා.

 



අදහස් (8)

’වාහන ආනයනය සීමා රේගු ආදයම් ඉලක්කයට අභියෝගයක්’

Sellakkara Kolla Monday, 09 October 2023 11:45 AM

නිෂ්පාදකයා අමුද්‍රව්‍ය, ශ්‍රමය ඔක්කොමත් එක්ක ලාබෙකුත් තියාගෙන විකුණන වාහනේ, ගාන වගේ තුන් ගුණයක් කප්පන් ගන්නව රේගුව කිසිම දෙයක් නොකර. අමුතු ඇටේ තවත් එක් අමුතු ආයතනයක්

:       3       19

donMonday, 09 October 2023 12:11 PM

රේගුව නෙවෙයි, ලංකාවේ ආණ්ඩුවයි එහෙම අයකරන්නේ.. රේගුව කරන්නේ ඒක ක්‍රියාත්මක කරන එක...

:       0       9

Rata Perata Monday, 09 October 2023 12:20 PM

මොනවද මේ කියන කතා...? ආර්ථිකය ඉගෙන ගෙන තියෙන මිනිස්සු ඕනෑ මේ තනතුරුවලට දාන්න. රනිලුත් එකයි, මෙයත් එකයි. IMF නැතිනම් කිසිම වැඩපිළිවෙළක් නැහැ. රටේ පාලනයත් වෙන රටකට දුන්නා නම් හරි.

:       1       10

ගජමිතුරු සෞභාග්‍යයේ දැක්ම Monday, 09 October 2023 12:41 PM

වාහන ආනයනය කරනවා කියන්නේ රටේ තියෙන ඩොලර් පිටට ඇදීයාමක් වෙනවා. රේගුවට ලැබෙන්නේ රට ඇතුලේ තියෙන රටේ ව්‍යවහාරික මුදල්. ඒවා ඉපැයීමක් කියන්න බැහැ. යහපාලනය කාලයේ ඇමැතියෙකුත් ඔහොම කිව්වා. මිනිහා කලේ විදේශීය ගම්මිරිස් ගෙනැල්ලා ප්‍රතිඅපනයනය මගින් රේගු ආදායම් ඉපැයීම තමයි. ඒ නිසා රටේ නිෂ්පාදන ගම්මිරිස් වගේ නිෂ්පාදන මිල නැතුව ගියා. රටේ නිෂ්පාදන අඩුවුණා. අපිට කියන්න වෙන්නේ ණයට හරි ගෙනැල්ලා කාපල්ලා කියලා තමයි. මිනිසුනේ රටේ ගණුදෙනු සඳහා රුපියල් බිලියන එක්දහස් ගණනක් මුදාහැර තියෙද්දී බැංකුවේ තියෙන්නේ දෙසිය ගණනක් නම් අනෙක් මුදල් සඟවා තියෙනවා. ඒවා සොයාගෙන ආදායම් ඉපැයීම කරන්න බැරිද? ඩොලර් ටික ඉතිරි කරන්න කටයුතු කරපල්ලා...

:       0       8

Nihal Monday, 09 October 2023 03:57 PM

ලාල් නිසා සති ගණන් තෙල් පෝලිම්වල නිදිමරපුවා අවසන් වුනා,ආයෙත් බකපන්ඩිතයන් අරින්නයි හදන්නේ

:       0       2

Kavidhu Monday, 09 October 2023 04:03 PM

‍යකො පිට රටවල මිනිස්සු අමරුවෙන් හම්බ කරල එවන ටිකෙන් ජීවත් වෙන ගමන් රජයේ ආදායම වැඩි කරන්න නියම යොජනා ගෙන්නෙ. වැස්සටවත් ඉස්කොලෙ ගිහිල්ලද .

:       0       6

Bamunuarachchi Tuesday, 10 October 2023 12:57 AM

රේගු ආදායම හරියන්න බදු ගහන්න වාහන ගෙවන්නේ නොමිලේද? බදු ලැබෙන්නේ රුපියල් වලින් වාහන, වාහන අමතර කොටස්, ඉන්දන ගෙවන්න කෝටි ගණන් වලින් යන්නේ ඩොලර්.

:       0       2

Perera Tuesday, 10 October 2023 12:57 AM

වාහන විතරක් නෙමෙයි එහෙමනම් දැනට තියන ආනයන සීමා සියල්ල ඉවත් කරන්න ,එතකොට රේගු බදු ආදායම පෙර තිබූ අන්දමට වැඩි වෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site