
(යොහාන් භාසුර)
පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොකිරීම නිසා එසේ සිරවී ඇති බවත් ආනයනකරුවෝ පවසති.
එම වාහන මෙරටට ආනයනය කරන විට පැවැති වටිනාකම මෙන් තුන්තුණයකට වැඩි බදු අයකිරීම නිසා මෙම තත්වය උද්ගත වී ඇති බව කී ආනයනකරුවෝ ඇතැම් වාහන ආනයනය කර මාස හයකටත් වැඩි කාලයක් ගතවී ඇති බව ද සඳහන් කළහ.
එම වාහන සියලුම ආනයන රෙගුලාසිවලට අනුකූලව ආනයනය කර ඇති අතර ඉන්පසුව ශ්‍රී ලංකා රේගුව අදාළ රේගු බද්දෙන් සියයට 50කට ආසන්න අධිභාරයක් ඇතුළුව අමතර බදු පැනවීම මෙම තත්වයට හේතුව බවත් ඒ හේතුවෙන් ඇතැම් වාහනවල සමස්ත බදු ප්‍රමාණය රුපියල් කෝටිය ඉක්මවූ ඒවා ද ඇති බවත් ආනයනකරුවෝ කීහ.
මෙම වාහන විශාල තොගයෙන් වැඩි සංඛ්‍යාවෙන් පෞද්ගලික පරිහරණයට ආනයනය කළ වාහන බව කියන ආනයනකරුවෝ රේගුව පනවා ඇති අමතර බදු හේතුවෙන් ඒවා නිදහස් කිරීමේ නිශ්චිත දිනයක් හෝ නොමැති බව ද සඳහන් කරති.
මෙම බදු ගැටලුව විසඳාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් මැදිහත් වන ලෙස ඉල්ලා සිටින අතර සිය වාහන රඳවා තබා ගැනීම නිසා මූල්‍යමය වශයෙන් සහ මානසික වශයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවත් සියලුම ගාස්තු ගෙවා නීත්‍යානුකූලව මෙම වාහන ආනයනය කළ බවත් ඔවුහු කියති.
බොහෝ ආනායනකරුවන් සිය ජීවිත කාලය පුරාම ඉතිරි කරගත් මුදල් පවුලේ පාවිච්චිය වෙනුවෙන් වාහනයක් මිලදීගැනීමට භාවිතා කළ අය බවත් වාහනය ශ්‍රී ලංකාවට නැව්ගත කිරීමෙන් පසු නීති වෙනස් කිරීම නිසා ඔවුන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් ඔවුහු පැවසූහ.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතාගෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී පැවසුවේ රේගු දෙපාර්තමේන්තුව නීති සම්පාදනය නොකරන අතර රජයේ නීති ක්‍රියාත්මක කිරීම පමණක් කරන බවත් මෙම වාහන සම්බන්ධයෙන් ද ආනයන පාලකවරයා දැනුම්දී ඇති පරිදි කටයුතු කර ඇති බවත්ය.
මෙම වාහනවලට පනවා ඇති බදු ඉවත්කර නිදහස් කරන ලෙස රජය දැනුම් දෙන්නේ නම් රේගුව ඒවා නිදහස් කරන බව කී චන්දන පුංචිහේවා මහතා මේ සම්බන්ධයෙන් රේගුවට දොස් කීමෙන් පළක් නොමැති බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ලක්ෂ 12 විට්ස් එක ?