(සුමිත් පොතුපිටිය)

අවමඟුල් උත්සවයකට පැන පුද්ගලයකු ඝාතනය කළ බවට වැරදිකරුවන් වූ තිදෙනකුට කළුතර මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකොන් මහතා වසර 18ක දීර්ඝ නඩු විභාගයකින් පසු මරණ දඬුවම නියම කළේය. 

කුඩා වස්කඩුව , ලිටිල්ටන් වත්ත ප්‍රදේශයේ පදිංචි සුරේෂ් කුමාර , සුගත් කුමාර නොහොත් රාළහාමි සහ සමිත සිසිර කුමාර නොහොත් බෙටා නමැති පුද්ගලයන් තිදෙනකු හට මෙසේ මරණ දඩුවම නියම කර තිබේ.

කුඩා වස්කඩුව ලිටිල්ටන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී චමින්ද කුමාර නමැත්තා 2008 ඔක්තෝබර් මස 23 හෝ ඊට ආසන්න දිනක රාත්‍රි වස්කඩුව ප්‍රදේශයේ පැවති අවමඟුල් නිවසකදී පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික සාක්ෂි විභාග කිරීමෙන් පසු නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.