ඩයනා උදයංගනී) උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (15) දිනයේද වැසි වාර කිහිපයක් ඇතිවන අතර, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.