
(ඩයනා උදයංගනී)
උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල පැවති වැසි තත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරි දිනවල දී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයෙහි සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
බස්නාහිර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානයන්හි උදෑසන කාලයේ මීදුම් සහිත තත්වයක් ඇතිවන බවද ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd