(ඩයනා උදයංගනී)
දිවයිනේ පළාත් රැසකට බලපා තිබූ වැසි තත්ත්වය හෙටින් (28) පසු තරමක් අඩු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව හෙට (28) දිනයේදී බොහෝ පළාත්වල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
එසේ වුවත් රත්නපුර, ගාල්ල, මාතර දිස්ත‍්‍රික්කවල ස්ථාන කිහිපයක පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.
මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදය කාලයේ මීදුම් තත්ත්වයක් ඇතිවිය හැකි බව ද එම ප‍්‍රකාශකයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd