(ඩයනා උදයංගනී)
දින ගණනාවක් තිස්සේ පැවති තද වැසි සමඟ ඇතිවූ ගං වතුර, අකුණු සහ සුළං සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 15 ක පවුල් 1,836 කට අයත් 7,167 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මරණ 6ක් වාර්තා වී ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
පීඩාවට පත් පවුල් 58 කට අයත් 222 දෙනෙක් ආරක්‍ෂිත ස්ථාන 7ක රඳවා ඇති අතර තවත් පවුල් 157 කට අයත් 599 දෙනෙක් ඥාති නිවෙස්වල රඳවා ඇතැයි එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
බදුල්ල, නුවරඑළිය, මාතලේ , මහනුවර, මුලතිව්, කොළඹ, ත්‍රිකුණාමලය, මන්නාරම, රත්නපුර, කළුතර, පුත්තලම, අනුරාධපුර, යාපනය, ගාල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට එම ආපදා තත්ත්වයෙන් බලපෑම් එල්ල වී ඇතැයි ද කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
මින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් 377 කට අයත් 1,621 දෙනෙක් පීඩාවට පත්ව සිටිති. එම දිස්ත්‍රික්කවල නිවාස 14 පූර්ණ හානි සිදුව ඇති අතර තවත් නිවාස 796 කට අර්ධ හානි සිදුව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd