(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
පානදුර මහානාම නවෝද්‍යා පාසලේ 6 වසරට ළමයකු ඇතුළත් කිරීම සදහා අල්ලසක් හැටියට රුපියල් 25,000 ක මුදලක් ලබා ගැනීමේ චෝදනාවට මහාධිකරණය මගින් වරදකරු කොට බරපතල වැඩසහිතව වසර 4ක සිර දඩුවම් නියමව සිටි විදුහල්පතිනී නදීකා කුමුදුනී පීරිස් මහත්මිය නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය නියම කළේය.
අභියාචනාධිකරණය මෙසේ නියෝග කළේ එම විදුහල්පතිනිය ගොනු කර තිබූ අභියාචන පෙත්සමක් විභාගයට ගෙන තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවය.
මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
අභියාචනාධිකරණ විනිසුරු පී.කුමාරරත්නම් මහතා එකගත්වයෙන් අභියාචනාධිකරණ විනිසුරු දේවිකා අබේරත්න මහත්මිය ප්‍රකාශයට පත් කළ තීන්දුවේ මෙසේද සදහන් වේ.
විත්තිකාර අභියාචිකාව මහානාම නවෝද්‍යා පාසලේ හිටපු විදුහල්පතිනියයි. 2008 නොවැම්බර් 16 වැනි දින මොරින් ප්‍රනාන්දු නැමැත්තියගේ පුත්‍රයා එම විදුහලේ හයවැනි වසරට ඇතුළත් කිරීම සදහා රුපියල් 25000 ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලීම සහ එම අල්ලස ලබා ගන්නා ලදැයි චෝදනා අල්ලස් පනතේ 19 වැනි වගන්තිය යටතේ විත්තිකාර අභියාචකවරියට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
25000 ආපසු දෙන්න නියෝග කරන්න එපා...!
අල්ලස් අරන් නැද්ද?
කැකිල්ලේ තීන්දුවක්ද? මට නම් පැහැදිලි නැහැ..