
(ඩයනා උදයංගනී)
මෙම වසරේ පළමු සූර්යග්‍රහණය අද (10) සිදුවන අතර එය ශ්‍රී ලංකාවට දිස් නොවන බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.
එය රුසියාව, ග්‍රීන්ලන්තය, කැනඩාව යන රටවලට සම්පූර්ණයෙන් දිස් වන අතර ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපයට පාර්ශවීය සූර්යග්‍රහණයක් ලෙස දිස්වන බව එම ආයතනය සඳහන් කරයි.
ඉන්දියාවේ ලඩාක් සහ අරුණාචල් ප්‍රාන්තවලට ද මෙය පාර්ශවීය සූර්යග්‍රහණයක් ලෙස දිස්වනු ඇත.
මෙම සූර්යග්‍රහණයේදී සූර්යයා චන්ද්‍රයාගෙන් මුළුමනින්ම ආවරණය නොවීම නිසා සූර්යයා ගිනිවළල්ලක් ලෙස දිස්වනු ඇතැයි සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd