(අජිත්ලාල් ශාන්තඋදය)
ඉදිරි දෙවසර තුළ මැතිවරණ තුනක් අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා අද (30) පැවසීය.
රත්නපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරයේ දී දිස්ත‍්‍රික්කයේ විධායක ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන් මෙසේ පැවසූ මැතිවරණ කොමසාරිස්වරයා ඊට සුදානමින් සිටින්නැයි ඔවුන්ට දැනුම් දුන්නේය.
ඒ අනුව 2020 ඔක්තෝම්බර් මස 31 වන දින වනවිට පළාත් සභා මැතිවරණය, ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා අවසන් කළ යුතු බව ද මේ වසරේ නොවැම්බර් 13 වන විට වත්මන් මැතිවරණ කොමිසමේ නිල කාලයද අවසන් බව ඔහු පෙන්වා දුන්නේ ය.
නැගෙනහිර, උතුරු මැද සහ සබරගමු පළාත් සභා තුනේ නිල කාලය අවසන්ව මේ වන විට වසරක් ඉක්මවා ඇති අතර මධ්‍යම, උතුර සහ වයඹ පළාත් තුනේ නිල කාලය ද මෑතකදී අවසන් වූ බවද කොමසාරිස්වරයා සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑ නම් ජනාධිපතිගෙන් අහන්න. එයා දැන් ඡන්ද පවත්වනවාට කැමතිම නෑ. බහුතරයක් විසින් එයාට විරුද්ධව කවුරු හරි (හීනෙන් හරි) බහුතරය පෙන්නුවොත් එයා ඒක පිළිගන්න ලැස්ති නෑ. ඒ නිසා එයා ඉන්න තැනින් එළියට දාගත්තොත් ඔන්න ඔයාටත් වැඩ කිඩක් කරලා ඉන්න පුළුවන්.