IMG-LOGO

වසර 43 කට පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අලුත් වෙයි

(ඩයනා උදයංගනී)

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වසර 43 කට පසුව සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කරමින් පැවසීය.

ජාත්‍යන්තර සම්මතයන්ට සහ වඩාත් හොඳම භාවිතයන්ට අනුකූලව සකස් කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ බව පැවසුවේ  විදේශ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (26) පැවති නව වසර සඳහා වන ප්‍රථම රාජ්‍යතාන්ත්‍රික හමුව අතරතුර දී රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව අමතමිනි.

මානව හිමිකම් සහ ප්‍රතිසන්ධානයට අදාළ ප්‍රගතිය පිළිබඳ තොරතුරු පෙබරවාරි මස අවසන් සතියේ ආරම්භ වන මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට ප්‍රථම හුවමාරු කරගැනීම, මෙම හමුවේ අරමුණ විය.

යෝජිත සංශෝධන ඇතුළත් පනත් කෙටුම්පත ගැසට් කර ඉන් අනතුරුව අවසන් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි ද ඇමතිවරයා කීවේය.

රැඳවුම් නියෝග, සීමා කිරීමේ නියෝග, නියෝග පිළිබඳ අධිකරණ සමාලෝචන කඩිනම් ලෙස පිළිගැනීම, දීර්ඝ කාලීනව රඳවා තබා ගැනීම වැළැක්වීම සඳහා චෝදනා ලැබූවන්ගේ නඩු කඩිනමින් විසඳා අවසන් කිරීම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා වන වගන්ති අවලංගු කිරීම, මහේස්ත්‍රාත්වරුන් සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ ප්‍රවේශය පිළිබඳ විධිවිධාන හඳුන්වා දීම, රැඳවුම් කාලය තුළ හිංසනයන් සහ වධහිංසා පැමිණවීම වැළැක්වීම, පවුලේ අය සමඟ අදහස් හුවමාරු කිරීමේ අයිතිය, දිගුකාලීන රැඳවියන්ට ඇප ලබාදීම සහ එදිනෙදා නඩු විභාග කිරීම යනාදී පරිච්ඡේද සම්බන්ධයෙන් වන සුවිශේෂී සංශෝධන ඊට ඇතුළත් බවත් ජී.එල් පීරිස් මහතා සඳහන් කළේ ය.

දීර්ඝ කාලීන රැඳවියන් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යවරයාට උපදෙස්දීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 13 වැනි වගන්තිය යටතේ උපදේශක මණ්ඩලයක් පිහිටුවීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් හෝ සීමා කිරීමේ නියෝගයක් ලබා ඇති ඕනෑම පුද්ගලයෙකුට එම නියෝගය සමාලෝචනය කිරීම සඳහා ඉල්ලීමක් යොමු කිරීමට අවස්ථාවක් ලබා දීම ආදිය ඊට ඇතුළත් බව ඇමතිවරයා කීවේය.



අදහස් (2)

වසර 43 කට පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අලුත් වෙයි

sena Thursday, 27 January 2022 06:52 PM

මේ ආණ්ඩුවෙන් කරයි කියලා හිතාගන්නවත් බැරි තරම් මානව හිමිකම් රකින වැඩක්...

:       0       1

nimelen Thursday, 27 January 2022 08:10 PM

මේ අය තවමත් ත්‍රස්තවාදය වවාගෙන කන්න විදිහක් හොයන්නේ. ඒකයි තැනින් තැන බෝම්බ පැලවෙන්නේ. හැබැයි සික්‍රිප්ට් අතේ පත්තු වෙනවා.. හත්පොලේම ගාගෙන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site