



(නයනජිව බණ්ඩාර)
වසර 22 කට පසු ශ්‍රි ලංකාවට ආවේණික නව අංකටුසු විශේෂයක් සොයාගැනීමට මෙරට ප්‍රකට ගවේශකයකු වන ජිව විද්‍යාඥ සමීර සුරංජන් කරුණාරත්න මහතා ප්‍රම්‍රඛ පර්යේෂකයන් පිරිසක් සමත්ව ඇත.
මෙම නව සොයාගැනිමත් සමඟ ලංකාවට ආවේණික අංකටුසු විශේෂ ගණන 6 දක්වා ඉහළ යන බව ඔවුහු කියති.
මෙරටට ආවේණික කටුසු ඝනයක් වන Ceratophora හි විශේෂ 05ක් මීට පෙර හදුනාගෙන තිබුණ අතර මෙම නව විශේෂය Ceratophora Ukuwelai හෙවත් උකුවෙලගේ රලු අං කටුස්සා ලෙස නම්කර තිබේ.
පර්යේෂකයන් කණ්ඩායම මෙම නව අංකටුසු විශේෂය එනමින් හැදින්විමට තිරණය කර ඇත්තේ රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්ය පරිනාමික ජිව විද්‍යාඥ හා උරග හා උභයජිවි විද්‍යාඥ කණිෂ්ක උකුවෙල මහතා මෙරට සත්ව සංරක්ෂණය හා සතුන් අධ්‍යයනයට ඉටුකර ඇති සුවිශේෂි මෙහෙය සළකා බැලීමෙන් පසුවය.
මෙම නව විශේෂය සොයාගෙන ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සල්ගල වනාන්කරයෙනි.
මෙම නව සොයාගැනිම සදහා සමිර සුරංජන් කරැණාරත්න මහතා නිකොලායි පොයාර්කොවි,චාමර අමරසිංහ,තිළිණ සූරසිංහ,ඇන්ඩ්‍රි භ්‍රෙශවි,මජින්ත මඩවල,විලාඩි ගොරින් හා ඇනස්ගමි ද සිල්වා යන දෙස් විදෙස් පර්යේෂකයන් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තියෙන ප්‍රශ්ණය කටුස්සාට දාන නම මොකක්ද කියන එකයි!
දියවන්නාව පැත්තේ බොහෝ කලක ඉඳන් ඉන්නවානේ.
අයියෝ දෙන්නම්කෝ නම් 225ක්ම දියවන්නාව පට්ටියෙන් පාට වෙනස් කරන කටුස්සෝ, බෝදිලිමෝ, කලවැද්දෝ එතකොට ජලභීතිකාව හැදුණු බල්ලෝ.. මේවාද ප්‍රශ්න? දෙන්නම්කෝ ඇට්ටි හැලෙන්න නම්..
වෙන රටවල නම් දාන්නේ මේ සතාව හොයාගත්තු කෙනාගේ නම... පුදුමයි දේශපාලකයෙකුගේ නමක් නොදැම්මා...
මදැයි ඉඳල ඉඳලා අවුරුදු 22කට පස්සේ අං කටුස්සෙක් හොයා ගත්තා.. ඔන්න කටුස්සාට තියෙන වෙල්කම් එක.
මේ අං කටුස්සාට අකුරු කියවන්නට හැකි නම් මෙහෙම අහයි.. ."විජිත් මහත්තයෝ මම මේ කැලයේ අවුරුදු 22ක් සතුටෙන් හිටියා. ඔයාලගේ කුණු ගොඩවල් වලට මාව ඇද ගන්නේ මොකද? මට මගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැතුව අපරාදේ හොයා ගත්තේ.. මට ආවේණික කිසිම දෙයක් ඔයාලා ලියලා නැහැනේ.. හැම එකටම දේශපාලනය. අනේ මන්දා" කියලා ..