
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තමන්ට දිගින් දිගටම පැමිණෙන රාජකාරී පීඩනය මත,මනස ව්‍යාකූල තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් රාජකාරී කිරීමට නොහැකි බවට සඳහන් කරමින් තාවකාලිකව රාජකාරී ස්ථානයෙන් පිටව ගිය දෙහිවල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයාගේ රාජකාරී වැඩ තහනමට ලක් කිරීමට ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය මගින් පියවර ගෙන ඇත.
මෙලෙස වැඩ තහනමට ලක් කරඇත්තේ පොලිස් පරීක්ෂක ප්‍රණීත් උදයංග නිලධාරියාගේය.
දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයා ලිපියක් මගින් කළ දැනුම් දීමක් අනුව ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් පොලිස් පරීක්ෂකවරයා එලෙස පිටව යාම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත නියෝගයක් ලබා දී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd