
(සිරිපුර මදුශානි අබේසිංහ)
පොලොන්නරුව වස්ගමුව ජාතික වනෝද්‍යානයේ අඹන්ගඟ පාලංකඩුව ප්‍රදේශයට ඇතුළත් වී නීතිවිරෝධීව අනවසරයෙන් පතල් කැණීම් සිදුකළ සිව්දෙනකු අද උදෑසන අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජීවි වැටලීම් ඒකකය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30 ත් 35 ත් අතර වයසේ පසුවන අඹන්ගඟ ප්‍රදේශයේම පදිංචි පුද්ගලයන් බව පොළොන්නරුව වනජීවි වැටලීම් ඒකකයේ අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
මෙම සැකකරුවන් දිගු කලක සිට පොලොන්නරුව වස්ගමුව ජාතික වනෝද්‍යානයේ අඹන්ගඟ පාලම්කඩුව ප්‍රදේශයට ඇතුළු වී නවාතැන්ගෙන පරිසරයට විශාල ලෙස හානි කරමින් විශාල වලවල් හාරා පතල් කැණීම් සිදුකළ පුද්ගලයන් බවද විජේකෝන් මහතා කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේම මැණික් ගැරීමට බලපත්‍ර දුන්නාම අවම වශයෙන් දින දහයකට වරක්වත් මැණික් අධිකාරිය පමණක් නොවෙයි, ගොවිජන සංවර්ධන කාර්‍යාලය මගිනුත් පරීක්ෂා කිරීම් කළොත්, හොඳයි භූවිද්‍යා හා පරිසර අධිකාරිය නම් කිසිදාක එන්නේ නැහැ කියලාත් වැඩක් නැහැ...!