IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


වාසුගෙන් තවත් මැසිවිල්ලක්

(සුජිත් හේවාජුලිගේ )

වාහනවලට ඉන්ධන ලබා දීමේදී කූපන් ක්‍රමයක් හඳුන්වා දෙන්නැයි ඉල්ලීම් කළද ඉහළ පෙළැන්තියේ බලපෑම නිසා එය ක්‍රියාත්මක නොවූ බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

ඉහළ පැලැන්තිය එවැනි ක්‍රමයකට කැමති නැතැයිද  හෙතෙම සඳහන් කළේ‍ය.

රටේ ආර්ථිකයට  බලපෑම් ඇති වන විට  මෙවැනි ක්‍රමවලට යෑමට සිදුවන බව පැවසූ  අමාත්‍යවරයා   භාවිතය සීමා  කිරීමෙන් ඉන්ධන  ප්‍රශ්නයට  යම්  විසඳුමක් ලබාගත හැකි බවද  සඳහන් කළේය.

"අපි ඉල්ලන  සියලු දේවල්  ආණ්ඩුවෙන් ඉටුවන්නේ නැහැ." යැයිද ඔහු කීවේය.



අදහස් (11)

වාසුගෙන් තවත් මැසිවිල්ලක්

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 12 February 2022 12:46 PM

මේ අය කියපු දේවල් කරන්න ගිහිල්ලා තමයි ආණ්ඩුවත්, රටත් මේ තත්ත්වයට පත්වුනේ. වැඩේ වැරදුණාම මේ අය වගේ වගක් නැතිව ඉන්නවා. ඒ හින්දා කන් දෙන්නේ නැතිව ඇති. කොහොමත් මේ අය කැමති කූපන් ක්‍රම, පොලිම් වගේ දේවල් වලට... ඒක ජන්ම ගතිය. තවත් ටික කාලයක් ඒක එහෙම්ම තියේවි...!!!

:       1       25

kasun Saturday, 12 February 2022 01:01 PM

අනේ මේ බොල... දැන් කූපන් ක්‍රමයටද ඔයාලත් පෙට්‍රල් ගහන්නේ ඒක ආවාම? නිකන් යන්න හලෝ යන්න...

:       2       22

Godahewa Saturday, 12 February 2022 01:13 PM

වයසට කියවෙන එව්වා...!

:       1       16

Mo77 Saturday, 12 February 2022 01:34 PM

කූපන් සලාක කෝටා වගේ දේවල් මාකට් එකට ආවාම ඒවා තමන්ගේ ගැත්තන්ට වැඩිපුර දෙන්න ගැත්තන්ට ඒවා වැඩි මිලට විකුණා ගැනීමේ අවස්ථාවක් ලැබෙනවා. සෝවියට් දේශය කඩන් වැටුණේ මේ ක්‍රමය නිසයි. දැන් ලෝකයේ තියෙන්නේ 5g ආටිෆිෂන් ඉන්ටෙලිජන්ට් බිග් ඩේටා, ඩිජිටල් කරන්සි වගේ යුගයක්. මෙයා ගල් යුගයට යන්න කතාව.

:       1       18

pin piya Saturday, 12 February 2022 01:34 PM

අපේ සර් පෙට්‍රල් ශෙඩ් එකක දීර්ඝකාලීන පලපුරුද්දක් ඇති කෙනෙක්... ඒක නිසා ඔබගේ පෙට්‍රල් පිළිබඳ උපදෙස් ඔහුට අවශ්‍ය නැත...

:       2       26

de silva Saturday, 12 February 2022 01:38 PM

කූපන් ක්‍රමයක් ආවොත් අනිවාර්යයෙන්ම පෙට්‍රල් වලට විශාල කලු කඩයක් නිර්මාණය වෙනවා. එවිට ඔබ සහ චොකාමල්ලි වැනි හොරමැර දේශපාලනයේ කරන දේශපාලුවන්ට ගෝලයින් දමා කූපන් විකුණා විශාල මුදලක් උපයා ගන්න පුළුවන් වෙනවා...

:       1       20

de silva Saturday, 12 February 2022 01:43 PM

ලංකාවේ විවෘත ආර්ථිකය තෝරාගන්න ඕනේ. එහෙම නැතිනම් කූපන් ක්‍රම සහිත කොමියුනිස්ට් ක්‍රමයකට යන්න ඕනේ. දැන් සිදුවෙන්නේ දේශපාලකයන්ට ප්‍රාඩෝ වැනි සැප වාහන සහ පහසුකම් සහිත සුඛෝපභෝගි ආර්ථිකයකුත් සාමාන්‍ය ජනතාවට පෝලිම්වල දුක්විඳින ආර්ථිකයකුත් නිර්මාණය වීම...

:       0       12

Fada Saturday, 12 February 2022 03:49 PM

මේ පාලකයින්ටත් පෙට්‍රල් ගහන්න ඕනෑ...

:       0       9

Prabha Saturday, 12 February 2022 04:07 PM

සීයේ සීයේ... මේ අපි ඉන්නේ 2021 මිස බජිරි හාල් කාපු දෙවැනි යුද්දෙ කාලෙ නෙමෙයි..

:       0       18

sugath Saturday, 12 February 2022 05:32 PM

ඉන්ධන මිල අධික කාලයක, ධනවත් සහ දුප්පත් උදවියට එකම මිලකට ඉන්ධන මිලදී ගැනීමට සිදුවීම ගැටළු සහගත දෙයක්. එබැවින්, අඩු ආදායම් ලාභීන්ට සලාක ක්‍රමයක් හරහා සහන මිලකට ඉන්ධන මිලදී ගැනීමට සැලැස්වීම වර්තමානයේ හිතකර දෙයක්. එබැවින්, මොහු පවසන දේ තුල යම් සත්‍යයක් තිබේ...

:       4       4

WCA Sunday, 13 February 2022 09:04 AM

මේ වගේ අයට ඔයවගේ පෝලිම් වැඩ ඇරෙන්න වෙන විසඳුම් මොලේට එන්නේ නෑ. පන්නන්න ඕනේ මඩුවලිගෙන් ගහලා..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 792 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site