
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
දරුවෙකු ලැබීමට දින හයක් තිබියදී නිවස තුළ වැසිකිළිය ඉදිරිපිට එම දරුවා බිහි කළ මවක් සහ දරුවා සැකකටයුතු ලෙස මියගොස් ඇතැයි මාළිගාවත්ත පොලිසිය කියයි.
මෙලෙස මියගොස් තිබුණේ කොළඹ 10. මාලිගාවත්ත පෙදෙස පදිංචිව සිටි කම්සුල් කාමිල් පාතිමා උමාමා යන දෙදරු මවයි.
මියගිය කාන්තාව නිවස තුළ වැසිකිළියේ ඉදිරිපිට බිම හරහට වැටී සිටියදී මස්සිනා ලබාදුන් පණිවිඩයක් අනුව නිවසට ගොස් සිදුකළ පරික්ෂාවේදී බිරිඳගේ ශරීරයේ හා බිමවිශාල ලේ ප්‍රමාණයක් තිබීඇති බව සැමියා ලබා දුන් ප්‍රකාශයක සඳහන් වන බව පොලිසිය සඳහන් කරයි.
එම අවස්ථාවේදී මියගිය බිරිඳගේ කුස තුළ සිටි දරුවා දෙපා අසල සිට ඇති අතර පෙකණි වල නොකපා දරුවාව රෙදි කැබැල්ලකින් ඔතා බිරිඳ සහ දරුවාව ත්‍රිරෝද රථයකින් බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් විතර රැගෙන ගොස් තිබූ බව එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වන බව පොලිසිය කියයි
එහිදී වෛද්‍යවරුන් පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාම මියගොස් ඇති බවට පවසා ඇතැයි කියයි. මෙම මරණ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පොලීසිය සදහන් කරයි .
2025 නොවැම්බර් මස 04
750
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2404
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වැසිකිළිය ඉදිරිපිට බිහිකළ දරුවා සහ මව මරුට