(යොහාන් භාසුර)
‘කොවිඞ් 19’ වසංගත තත්වය පාලනය වී ලෝකවාසීන්ට සැනසිල්ල උදාවේවා යන ප‍්‍රාර්ථනාව පෙරදැරිව ශ්‍රී ලංකාවේ සියලූම වෙහෙර විහාරවල ලබන සෙනසුරාදා සිට ‘‘රතන සූත‍්‍රය’‘ දේශනා කරන්නැයි ලෙස ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධතා පිළිබඳ උත්තරීතර බෞද්ධ උපදේශක සභාව ඉල්ලා සිටියි.
අසල්වැසි ඉන්දියාවේ තත්වය සංවේග ජනක බවත් බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිදුවූ මැයි මාසයේදී ඉන්දියානු ජනතාවට කෘතගුණ සැළකීම ලාංකේය බොදු ජනතාවගේ යුතුකමක් බවත් ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධතා පිළිබඳ උත්තරීතර බෞද්ධ උපදේශක සභාවේ මහා සංඝයාවහන්සේ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චරයි අපිට අඩු...
බුදුන් වහන්සේ වැඩ සිටි සමයේ ‘‘රතන සූත‍්‍රය’‘ දේශනා කරන ලද්දේ විසාලා මහනුවර ඇතිවූ අමනුෂ්‍ය දෝෂයක් පලවා හැරීමටයි. එනමුත්, බුදුන් වහන්සේ වැඩ සිටි සමයේ, උන්වන්සේ බොහෝ ගිලන්වූ භික්ෂුන් වහන්සේලාට පුද්ගලිකව උවැටන් කළ අවස්ථා පිළිබඳව සදහන්වී ඇති අතර, කෙනෙක් ගිලන්වූ සෑම අවස්ථාවකම පිරිත් දේශනා කිරීමට උපදෙස් දී නොමැත. එබැවින්, සෑම වසංගත අවස්ථාවකදීම පිරිත් දේශනා කිරීමෙන් පලක් නොමැති බවයි මගේ අදහස. මා සිතන හැටියට දැන් වඩාත් අවශ්‍ය වන්නේ මහජනයා සෞඛ්‍ය නීති පිළිපැදීමයි.
අධර්මය රජකරන රටකට, ධර්මයෙන් පිළිසරණක් ලැබෙයිද?
කරුණාකර අධික ශබ්දයෙන් ලවුඩ්ස්පීකර් භාවිතා කරන්න එපා.. අසල්වැසි ගෙවල්වල ඉගෙන ගන්නා වයසේ කුඩා දරුවන් , වියපත් වැඩිහිටියන් , රෝගීන් , වෙහෙස මහන්සි වී විවේකයක් ඕනෑ මිනිසුන් ඉන්නවා. ඔවුන්ට මේ මහා ශබ්දය හිරිහැරයක්... !