
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්වීම ඇතුළු විධිවිධාන රැසක් ඇතුළත් විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (31) සිට බලාත්මක විය.
එම පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය අද (31) පෙරවරුවේ සටහන් කළේය. පනත බලාත්මක වූයේ ඒ අනුවය.
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතරයකින් පසුගියදා (21) වැනිදා සම්මත විය.
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉකුත් අගෝස්තු මස 10 වැනිදා අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
ඒ අනුව විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියැවීමේ විවාදය පසුගිය මස 20 සහ 21 යන දිනවල පැවැත්විණ.
දෙවනවර කියැවීම අවසානයේ පැවති ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්ද 179 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි. අනතුරුව කාරක සභා අවස්ථාවේදී සංශෝධන එකතු කිරීමෙන් අනතුරුව පැවැති තෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 174 ක්ද විපක්ෂව ඡන්දයක්ද හිමිවිය.
පනත් කෙටුම්පත විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස සම්මත වුවත් තාක්ෂණික කාරණයක් හේතුවෙන් එය බලාත්මක වන්නේ විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙසය.
පනත් කෙටුම්පතට සහතිකය තබන අවස්ථාවට පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්, කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂානී රෝහණධීර මහත්මියද සහභාගීවූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවතත් 23 ගෙනැල්ලා මේක අහෝසි වේවිද කියලා සැකයක්. ඒ කියන්නේ 17 සිට 22 දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හයක් සංශෝධනය කරලා තියන්නේ එක පවුලක් වෙනුවෙන් මිස රට වෙනුවෙන් නොවේ. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සන්ශෝධන හයටම ඡන්දය දුන් මෝඩ මන්ත්‍රීලාත් මේ සභාවේ ඉන්න එක රටට සාපයක්. දැන්වත් ජනතාව අවදි වෙන්න ඕනේ...
ඒ කියන්නේ මහබැංකු හොරු, සීනි හොරු, මිග් හොරු, සුනාමි හොරු, නිධන් හොරු ඔක්කොමලා ඇතුළට යයිද?
23න් 22 අහෝසි වෙනවා... 24න් 23 අහෝසිවෙනවා... 25න් 24 අහෝසි වෙනවා... ඔහොම යං. ඔන්න ඕකයි තත්වේ...!
හෙට ඉඳලා බලාගන්න පුළුවන් රට දියුණු වෙන හැටි...!
පොහොට්ටුවෙ සෙට් එකත් අත උස්සලා. එහෙනම් මේකෙන් මාකක් හරි වාසියක් ඇති.
අප්පේ... ඇති යාන්තං රටේ ප්‍රශ්න ටික විසඳුණා. දැන් ඉතින් සැනසිල්ලේ වාහනයක් අරගෙන කාලා බීලා සැපේ හිටිය හැකියි. ඉඳලා හිටලා තව්තිසාවත් බලලා ෆන් එකක් ගත් හැකියි. පොඩි අවුලකට තියෙන්නේ ඉඳලා හිටලා කීයක් හරි දෙන්න හිඟන්නෙක් හොයාගන්න පුළුවන් වේවිද දන්නේ නැහැ...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගනන අර්ධ ශතක අගය ලබාගන්නේ කවදා ද?
ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්ත යන්න බැරි වෙන්න නීතිය අතීතයට බලපාන විදියට ගෙනාවේ නැත්නම් දැනට ඉන්න අය ගෙදර යවන්නේ කොහොමද?
ඔය ද්විත්ව පුරවැසි කතාව විතරද ඔය සංශෝධනේ තියෙන්නේ.?
මේ සංශෝධන වලින් වෙනස් වුන කොටස් සරල භාවයෙන් පල කරන්න බැරිද.?
ඕවා නිකම් මවා පෑම් තොපි හොරකම් කරපු ධනය කරපු අපරාද ආරක්ෂා කරන නීතිය එහෙමම රකිමින් බොරු සංසෝදන වලින් රට අන්දන්න බැහැ රනිලට තවම ඕනෑම ජඩ කමක් කරන්න පුළුවන් අදිකරණ ඇමතියා කියන්නේ අමු තක්කඩියෙක් ඕකව දාන්න ඕනෙ හිරේ ජීවිතාන්තය දක්වා