(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තු සේවකයන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇත.
වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් කෙරුණු මූලික පරීක්ෂණයකින් අනතුරුව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාට දුන් වාර්තාවක් අනුව ඔහුගේ උපදෙස් මත එම සේවකයන් දෙදෙනා මෙසේ වැඩ තහනමට ලක් කෙරුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
සේවකයන් දෙදෙනා සම්බන්ධයෙන් විනය පරීක්ෂණ ආරම්භවී ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
සැකකාර සේවකයන් දෙදෙනාගෙන් අයකු පාර්ලිමේන්තු නිලධාරින් විසින් අල්ලා ගනු ලැබුවේ ටින්කිරි ඇතුළු ආහාර ද්‍රව්‍ය පිට කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි. අනෙක් සේවකයා හෙරොයින් මිලිග්‍රෑම් සියයක්ද සමඟ තලංගම පොලිසිය විසින් බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
මේ සිද්ධීන් දෙකම සිදුවී ඇතැයි පැවසෙන්නේ ඉකුත් 5 වැනිදාය.
මේ අතර පාර්ලිමේන්තුවට සේවකයන් පැමිණෙන අවස්ථාවේදී මෙන්ම පිට වන අවස්ථාවේදීද ඔවුන්ගේ ගමන්මලු දැඩි ලෙස පරික්ෂා කිරීමට පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක සහ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරුන් ආරක්ෂක අංශ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
මෙලෙස උපදෙස්දී ඇත්තේ පාර්ලිමේන්තුවේ භාණ්ඩ පිට කිරීමේ සිද්ධීන් වැඩිවීම සැලකිල්ලට ගෙනය.
ඇතැම් සේවකයන් පාර්ලිමේන්තුවෙන් ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ පිට කිරීම හේතුවෙන් රජයට වාර්ෂිකව විශාල මුදලක් අහිමි වන බව ගණන් බලා ඇත.
2025 දෙසැම්බර් මස 18
293
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විෂමාචාරවලට ඇල්ලූ පාර්ලිමේන්තු සේවකයන් දෙන්නාගේ වැඩ තහනම්
sharm warn Friday, 07 October 2022 05:15 PM
රාජ්‍ය දේපළ අවභාවිතා කරන මන්ත්‍රීලාව මේ වගේ අල්ලන්නේ නැද්ද එතකොට...?
Bunny Preena Saturday, 08 October 2022 10:38 AM
ප්‍රමාද වෙලා හරි කවුන්සිලේ ලොක්කන්ට මෙවැනි අදහසක් පහළ වෙච්චි එක ලොකු දෙයක්...!