(සුජිත් හේවාජුලිගේ)

විෂ මත්ද්‍රව්‍ය  මැඩලීම සඳහා" රටම එකට ජාතික මෙහෙයුම"  ලබන 30 වැනිදා බ්‍රහස්පතින්දා  ආරම්භ කිරීමට නියමිතය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ  ක්‍රීඩාංගණයේදී එදින උදේ 10.00 ට මෙහි සමාරම්භක උත්සවය පැවැත්වේ.

රට පුරා පුරාවිෂ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා සියලු පාර්ශව ඒකරාශී කර ගැනීම මෙම වැඩපිළිවෙළේ අරමුණ වේ.