
(අංජුල මහික වීරරත්න)
දේශපාලන සහ ආර්ථික කරුණු සම්බන්ධයෙන් විවාද මතු කර ගත හැකි නමුත් විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කර දැමීමේ ජාතික වගකීම ඉටු කිරීමේදී තවදුරටත් කිසිදු විවාදයකට ඉඩක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ කඩිනම් වැඩපිළිවෙළක් වෙනුවෙන් රටම එකට එක් විය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට ජාතික මෙහෙයුම’ පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ පැවති හමුවට එක් වෙමිනි.
විෂ මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒ හා බැදුණු අපරාධ කල්ලිවල මූල්‍ය බලය විසින් ආර්ථිකය, සමාජ දේහය, රාජ්‍ය යාන්ත්‍රණය සහ නීතියේ විධානයේ ආධිපත්‍ය පවා බිඳ වට්ටමින් රටත්, සමාජයත් විනාශ කරමින් තිබෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. මෙම උවදුරට තවදුරටත් ඉඩ නොතැබීමට වත්මන් රජය තීරණය කර තිබෙන බව පැවසු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සියලු දෙනාගේ දායකත්වය අපේක්ෂා කරන බවද පැවසීය.
එමෙන්ම පසුගිය සමයේ දේශපාලන රශ්මි කදම්භය තුළ නිදැල්ලේ වර්ධනය වූ අපරාධ අද රටත් සමාජයත් දැඩිව වෙළාගෙන තිබෙන අන්දම සහ ඊට පොලිසිය, රේගුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාරත්මේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ වගකිවයුතු ආයතනවලින් ලැබී ඇති සහාය පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.
නැවත එවැනි තත්ත්වයකට ඉඩ නොතබා අනාගත දරු පරපුර වෙනුවෙන් මෙම ජාතික ව්‍යසනය පරාජය කිරීමට සියලු දෙනා වෙත පැවරි ඇති අත්හළ නොහැකි වගකීම ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
රටම එකට ජාතික මෙහෙයුම සමාරම්භය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මෙම 30 වැනිදා පෙරවරු 10ට පැවැත්වේ.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහත්වරු ද රාජ්‍ය සහ පෞද්ගලික විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීහු සහ නියෝජිතයෝ ද විනෝදාස්වාද කර්මාන්තයට අදාළ ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කොහොමද! අපේ රාජ කුමාර නිකමුන්ගේ උරුමය නැතිවෙන්න දෙන්න බෑ.
ඕකට උත්සවක් තිබ්බෙ නැත්නම් වැඩේ කෙරෙන්නෙ නැද්ද.හා.අම්මප.
මෙතන කිසිම කඹ ඇදිල්ලක් නෑ. තියෙන්නේ මාලිමාවට හිතවත් පාතාලයන්ට රිසි සේ විෂ මත්ද්‍රව්‍ය ගෙන්වීමටත් මිනීමැරීමටත් ඉඩ දීලා තියෙන එකයි. මේ කරන්නේ තමන්ට විරුද්ධ දේශපාලකයන්ව ඝාතනය කරලා පාතාලයන් පිට පටවලා අත හෝදාගන්නයි. ඒක මේ රටේ කවදාවත් කරන්න බෑ අනුර.
නීති විරෝධී ව්‍යාපාර හරහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් උපයාගත් වත්කම් විමර්ශනය කර රාජසන්තක කරන්න. ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ සත්‍යයකි, උගත් පුද්ගලයින් ඉඩම් මිලදී ගැනීමට සහ ඔවුන්ගේ පවුල් සඳහා නිවාස ඉදිකිරීමට හෝ නිවාස ණය ගෙවීමට මුදල් ඉතිරි කර ගැනීමට තම මුළු ජීවිත කාලයම වෙහෙස මහන්සි වන බව. කෙසේ වෙතත්, 1977 සිට, මත්ද්‍රව්‍ය ජාවාරම වැනි නීති විරෝධී ව්‍යාපාරවල නියැලී සිටින නූගත් පුද්ගලයින්ට සැලකිය යුතු ධනයක් රැස් කර ගැනීමට හැකි වී ඇති අතර, බොහෝ විට නීති විරෝධී ක්‍රම හරහා වසර කිහිපයක් ඇතුළත සුඛෝපභෝගී දේපළ අත්පත් කර ගනී. මෙය උගත් පුද්ගලයින්ගේ දරුවන් අතර නීති විරෝධී ක්‍රියාකාරකම් ඇතුළුව අවශ්‍ය ඕනෑම ක්‍රමයකින් ජීවිතයේ සාර්ථකත්වය අත්කර ගත හැකි බවට මතයක් නිර්මාණය කර ඇත. කරුණාකර එය නිවැරදි කරන්න.
එල්ටීටීඊ යුද්ධයේ අවසන් අදියරේ කකුල් මාට්ටු දාලා ඒක නවත්තන්න හදපු මිනිස්සුම මේවා කියන එක තමයි විහිලුව. ඒ එක්කම ඔය කඹඇදිලි කතා දැන් කියන මහත්තුරු අපට කරුණාකරලා කියන්න මත්ද්රව්‍ය ඔත්තුවක් පොලිසියට ලබා ගත්තු දකුණු පළාතේ සේවය කළ පොලිස් නිලධාරියා තමුන්නැහැලා වෙනත් පළාතකට මාරු කළේ ඇයි?
සදමාලි, ඔලුව අතගාල බලන්න මොනව හරි වෙනසක් දැනෙනවද කියල කෙල්ලෙ
අනාගත පරපුර වෙනුවෙන් හිතලා මේ මත් උවදුර රටෙන් තුරන් කරන්න ගරු ජනපතිතුමනි, කුඩු කාරයෝ එක්ක හිටපු පරණ වලව් වල තක්කඩි හාමුලට හාමුලගේ වහල්ලුන්ට රිදෙයි, නමුත් මහජනයා ඔබ සමගයි.
නියම මිනිහෙක් කියන්නේ කකුලෙන් අඩිඩාස් එපා කියලා. ලැජ්ජාවක් නම් ගෑවිලාවත් නැහැ.
ජනපතිතුමනි , ඔබට මෙරට පාලන බලය නොලැබුණා නම් මෙම රට අයිස් ලන්තයක් වනු නොඅනුමානයි.
ජනපති, ඔබ හැර කිසි ජගතෙක් නැත... මේවා විසදීමට...
මෙයා මේ බොරු රඟපෑමක් කරන්නේ. ගිය ආණ්ඩුවේ පොලීසිය අයිස් මර්දනයට කරපු වැඩ නවත්තන්නත් මෙයාලා උසාවි ගිහිපු මිනිස්සු. ඉස්කෝල ළමයින්ගේ බෑග් පරීක්ෂාවට එරෙහිව පුදුම උඩ පැනිල්ලක් පැන්නේ මෙයාලා. කන්ටේනර් 323ක් පන්නපු එක යට ගැහුවා. දැන් රට පුරා ඉතිහාසේ කවදාටවත් වඩා අයිස් පැතිරිලා. මෙයා සුද්ධෝදන වෙන්න හදනවා. කකුලෙන් අඳින්නේ විපක්ෂය වගේ කතාවක් මෙයා මේ කියන්නේ. මේක තනිකර මවාපාන කතාවක්. පොලීසියේ දක්ෂකම මිසක් මෙයා කරන මගුලක් නෑ.