
(තිලකරත්න දිසානායක)
බස්රථ රියදුරන් විෂ මත් ද්‍රව්‍ය භාවිතා කොට රිය ධාවනය කරන්නේද යන්න සොයා බැලීම පිණිස ප්‍රවාහන අමාත්‍යංශය මගින් දීප ව්‍යාප්තව සිදු කළ වැඩසටහන අනුව , ගම්පහ නගරය ආශ්‍රිතව සිදු කළ පරීක්ෂාවේදී රියැදුරන් සහ කොන්දොස්තරවරුන් 6 දෙනකු , විෂ මත් ද්‍රව්‍ය භාවිතා කරන බවට තහවුරුවී ඇත.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙහි නුගේගොඩ ප්‍රධාන කාර්යාලයෙහි වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් සිදු කරන ලද මෙම පරීක්ෂාවේදී , බස්රථ සේවකයන්ගේ මූත්‍රා සාම්පල ලබාගෙන , ජංගම පරීක්ෂණ රථයක් තුලදී පරීක්ෂාවට භාජනය කරමින් විෂ මත් ද්‍රව්‍ය භාවිතා තිබීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සිදු කෙරිණි.
මේ සදහා ගම්පහ ප්‍රධාන බස්රථ නැවතුම් පොළෙන් ගමන් අරඹන සහ ගම්පහට පැමිණෙන බස්රථවල රියදුරු මහතුන් පරීක්ෂාවට ලක්කිරීම යටතේ සිදු කරන ලද පරීක්ෂාවේදී , පරීක්ෂාවට ලක් කළ රියදුරන් සහ කොන්දොස්තරවර මහතුන් 160 දෙනකු අතුරින් රියදුරන් දෙදෙනෙකු සහ කොන්දොස්තරවරුන් හතර දෙනෙකු , විෂ මත් ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට තහවුරු කරගනු ලැබූ බව ජාතික ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය නිලධාරී අර්ජුන අබේසේකර මහතා සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd