(යොහාන් භාසුර)
‘ඇෆ්ලටොක්සීන්’ අඩංගු පොත්තෙල් යැයි හඳුනාගත් රුපියල් කෝටි තුනකට අධික වටිනාමින් යුත් පොල්තෙල් කිලෝ 105,000 මැලේසියාවට හරවා යැවීමට ‘බාර්බරා’ නැමැති නෞකාව එන තෙක් බලාසිටින බව රේගු අධ්‍යක්‍ෂ ජනරාල් විශ‍්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප‍්‍රිය මහතා පවසයි.
නැව කොළඹ වරායට ඊයේ රාත‍්‍රී පැමිණීමට නියමිත බවත් එහි කාලසටහන අනුව පොල්තෙල් තොගය ප‍්‍රතිඅපනයනය කරන දිනය තීරණය වන බවත් රේගු අධ්‍යක්‍ෂවරයා කියයි.
මෙම පොල්තෙල් තොගය මේ වන විට කොළඹ වරායේ එස්.ඒ.ජී.ටී පර්යන්තයේ ගබඩා කර ඇති බවත් රේගු අධ්‍යක්‍ෂවරයා කීය.
කටාන ප‍්‍රදේශයේ පෞද්ගලික සමාගමට අයිති මෙම පොල්තෙල් තොගය කන්ටේනර් හයක ගබඩාකර ඇති බවත් එහි නියම වටිනාමක රුපියල් 30,754,500 ක් බවත් රේගු මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා මීට පෙර පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම යවන්නේ විෂ පොල්තෙල් ද?
විශ්රාමික හමුදා නිලධාරීන්ට රටේ පරිපාලන කටයුතු බාරකිරීමේ කටයුත්තේ ඇති බැරෑරුම්කම හා එම නිලධාරීන් පරිපාලන කටයුතු සඳහා දක්වන නොහැකියාව ගැන වර්තමාන තත්ත්වය මොනවට සාක්ෂි දරයි.රටේ පරිපාලන කටයුතු සඳහා හමුදා නිලධාරීන් පත්කිරීම ගැන අප රට මානව හිමිකම් චෝදනාවලටද ලක්වීමට සිදුවූ දෙයක්.පුදුමය කියා කියන්නේ විෂ පොල්තෙල් ගෙනියන්න ඒ අදාළ තැන් වලින් ඇවිත්.ඒත්,බන්දුල කියන්නේ එහෙම පොල්තෙල් වල විෂ ඒවා නැතිලූ.මෙහෙමත් අමන කතා.
මොකක් හරි නාට්‍යයක් පෙන්නල ඔය පොල්තෙල් ටික අපටම කවනවා.
කුණූ පොල්තෙල් මෙහෙ තියලා මැලේසියාවට යන්නේ වතුරට දන්නේ නැ....
එතකොට ඒ තෙල්වලට ගෙවපු සල්ලි? අන්තිමට සල්ලිත් නැතුව තෙල්ලුත් නැතිව වෙයිද දන්නේ නෑ?