IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විෂ පොල්තෙල් ගෙනියන්න ‘‘බාර්බරා‘‘ නැව අද කොළඹට

(යොහාන් භාසුර)

‘ඇෆ්ලටොක්සීන්’ අඩංගු පොත්තෙල් යැයි හඳුනාගත් රුපියල් කෝටි තුනකට අධික වටිනාමින් යුත් පොල්තෙල් කිලෝ 105,000 මැලේසියාවට හරවා යැවීමට ‘බාර්බරා’ නැමැති නෞකාව එන තෙක් බලාසිටින බව රේගු අධ්‍යක්‍ෂ ජනරාල් විශ‍්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප‍්‍රිය මහතා පවසයි.

නැව කොළඹ වරායට ඊයේ රාත‍්‍රී පැමිණීමට නියමිත බවත් එහි කාලසටහන අනුව පොල්තෙල් තොගය ප‍්‍රතිඅපනයනය කරන දිනය තීරණය වන බවත් රේගු අධ්‍යක්‍ෂවරයා කියයි.

මෙම පොල්තෙල් තොගය මේ වන විට කොළඹ වරායේ එස්.ඒ.ජී.ටී පර්යන්තයේ ගබඩා කර ඇති බවත් රේගු අධ්‍යක්‍ෂවරයා කීය.

කටාන ප‍්‍රදේශයේ පෞද්ගලික සමාගමට අයිති මෙම පොල්තෙල් තොගය කන්ටේනර් හයක ගබඩාකර ඇති බවත් එහි නියම වටිනාමක රුපියල් 30,754,500 ක් බවත් රේගු මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා මීට පෙර පැවසීය.

 



අදහස් (5)

විෂ පොල්තෙල් ගෙනියන්න ‘‘බාර්බරා‘‘ නැව අද කොළඹට

Nihal Sunday, 11 April 2021 02:21 PM

ඇත්තටම යවන්නේ විෂ පොල්තෙල් ද?

:       1       0

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 11 April 2021 03:00 PM

විශ්‍රාමික හමුදා නිලධාරීන්ට රටේ පරිපාලන කටයුතු බාරකිරීමේ කටයුත්තේ ඇති බැරෑරුම්කම හා එම නිලධාරීන් පරිපාලන කටයුතු සඳහා දක්වන නොහැකියාව ගැන වර්තමාන තත්ත්වය මොනවට සාක්ෂි දරයි.රටේ පරිපාලන කටයුතු සඳහා හමුදා නිලධාරීන් පත්කිරීම ගැන අප රට මානව හිමිකම් චෝදනාවලටද ලක්වීමට සිදුවූ දෙයක්.පුදුමය කියා කියන්නේ විෂ පොල්තෙල් ගෙනියන්න ඒ අදාළ තැන් වලින් ඇවිත්.ඒත්,බන්දුල කියන්නේ එහෙම පොල්තෙල් වල විෂ ඒවා නැතිලූ.මෙහෙමත් අමන කතා.

:       4       4

Dilan Sunday, 11 April 2021 05:24 PM

මොකක් හරි නාට්‍යයක් පෙන්නල ඔය පොල්තෙල් ටික අපටම කවනවා.

:       1       2

Binkunndaa Sunday, 11 April 2021 07:48 PM

කුණූ පොල්තෙල් මෙහෙ තියලා මැලේසියාවට යන්නේ වතුරට දන්නේ නැ....

:       1       4

chandima Sunday, 11 April 2021 08:09 PM

එතකොට ඒ තෙල්වලට ගෙවපු සල්ලි? අන්තිමට සල්ලිත් නැතුව තෙල්ලුත් නැතිව වෙයිද දන්නේ නෑ?

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site