IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විෂ පොල් තෙල් හෙට මැලේසියාවට

(යොහාන් භාසුර සහ මහින්ද නිස්සංක)
‘ඇෆ්ලටොක්සීන්’ නැමැති පිළිකා කාරක අඩංගු බවට පරීක්‍ෂණවලින් තහවුරු කරනු ලැබූ පොල්තෙල් කන්ටේනර් පහක් මැලේසියාවට හෙට (06) ආපසු යවන බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසයි
කටාන ප‍්‍රදේශයේ පෞද්ගලික සමාගමකට අයත් මෙම පොල්තෙල් කන්ටේනර් පහේ පොල්තෙල් මෙටි‍්‍රක්ටොන් 100 ක් පමණ ඇතුළත්වන බව රේගුව පවසයි.
පෞද්ගලික සමාගම් හතරකින් ආනයනය කළ පොල්තෙල් කන්ටේනර් 13 ක පොල්තෙල්වල පිළිකා කාරක අඩංගු බවට ශ්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය, සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්‍ෂණ ඒකකය සහ කාර්මික තාක්‍ෂණ ආයතනය කළ තත්ත්ව පරීක්‍ෂණවලින් තහවුරු විය.
එම පොල්තෙල් ප‍්‍රති අපනයනය කරන ලෙස අදාල අංශ රේගුවට උපදෙස් දුන්නේය.
තත්ත්ව පරීක්‍ෂණයෙන් අසමත් වූ සෙසු පොල්තෙල් තොග ද ඉදිරියේදී ප‍්‍රති අපනයනය කරන බවත් මෙම තොගය එහි ආරම්භය බවත් එම නිලධාරියා පැවසීය.
අදාල සමාගමේ ගබඩාවලින් පොල්තෙල් නැවත වරායට ගෙනඒමට කටයුතු කළ බවත් එම සමාගමේ ගබඩාවලින් පොල්තෙල් පිටවී නොමැති බවට තහවුරු වූ බවත් එම නිලධාරියා පවසයි.
තත්ත්වය පරීක්‍ෂණය අසමත් වූ වෙනත් ආනයනික සමාගමකට අයත් පොල්තෙල් සහිත බවුසර් දෙකක් පසුගිදා දංකොටුවෙන් අත්අඩංගුවට ගෙන මේ වන විට රේගු බාරයේ පවතී. දඹුල්ලෙන් ද සැක සහිත පොල්තෙල් කන්ටේනරයක් පසුගිදා අත්අඩංගුවට ගෙන මුද්‍රා තැබීය.
මෙම පොල්තෙල් බවුසර්වල සහ කන්ටේනරයේ පොල්තෙල් සාම්පල් පරීක්‍ෂණ ස`දහා යොමුකර තිබුණ ද මේ දක්වා ඒවායේ ප‍්‍රතිඵල ලැබී නොමැත.

 



අදහස් (3)

විෂ පොල් තෙල් හෙට මැලේසියාවට

siri Monday, 05 April 2021 08:17 AM

මැලේසියාවේ මිනිස්සුන්ට පිළිකා වැළඳුනාට ප්‍රශ්නයක් නැද්ද ?

:       6       13

Bandula Gu. Monday, 05 April 2021 09:36 AM

හෙට මැලේසියාවට අනිද්දා කොළඹ වරායට

:       2       9

Nihal Tuesday, 06 April 2021 06:14 AM

චුට්ටි කාලෙකට අපි කන්නම් ඔයාලා වැරදි හදාගන්නකම්. නැත්නම් ආයතන වැටෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site