
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයෙන් පමණක් නොව ජනමත විචාරණයකින්ද සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ දැනුම් දුන්නේය .
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම දැනුම්දීම කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123(2)(ඇ) ව්‍යවස්ථාව ප්‍රකාරවය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග අනුකූල නොවන වගන්තිවලට සංශෝධන යෝජනා කිරීම පනත් කෙටුම්පතෙහි ප්‍රකාශිත අරමුණුවලට අනුකූල නොවන බැවින්,ඒ වගන්තිවලට නිශ්චිත සංශෝධන යෝජනා කිරීම ප්‍රායෝගික නොවන බවත් ඒ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග අනුකූල වන පරිදි වෙනස් කිරීම සඳහා වගන්ති සංශෝධනය කළ හැකි ආකාරය තීරණය කිරීමෙන්ද මේ අනුව වැළකිය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බවත් කතානායකවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලකණ්ණි ආණ්ඩුව තියනකම් ජනතාවට අබ සරණයි...
තාමත් අපේ අධිකරණය ශ්‍රේෂ්ඨයි...
දැන් බල්ලා වලිගෙ අස්සේ ගහගත්තා වගේ ඕක අකුලගන්නේ නැතිව තියන්න ජනමත විචාරණයක්... අත්‍යාවශ්‍ය හින්දනේ ඕක සම්මත කරගන්න හැදුවේ. දැන් අකුලගන්න එපා. 69 ලක්ෂයක් ඉන්නවනේ... මොකටද බයවෙන්නේ? සර් දැන් ඕක තියන්න...
හප්පා... යාන්තම් එයාලත් ස්වාධීන වෙන්න හිතිලා වගේ.... ලොකු දෙයක්... නැතිනම් මෙතන රටක් කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ... මේ විදිහට යන්න දුන්නොත්..
අධිකරණ රාමුව තුළ රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙනවා.
තුනෙන් දෙක නම් හොඳටම ලැබෙයි මේ පාර... ජනමත විචාරණයෙනුත් ජය සිකුරුයි...!