(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් ගොනු කරන ලද පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (03) අවසන් කරනු ලැබීය.

මේ පිළිබඳ තීන්දුව ඉදිරි කාලයේදී කතානායකවරයාට යොමු කරනු ලබන බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.

මෙම විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් 10 විභාගය කිරීම අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී මෙම විභාගය කැඳවිණි.

සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සම්මේලනය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශව 10 ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි .