( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
වෛද්‍ය ශිෂ්‍ය අත්පොතෙහි රෙගුලාසි අනුව වෛද්‍ය පීඨයේ ලියාපදිංචි වී වසර 10 ක කාලයක් ඉක්මවා ඇතැයි චෝදනා කරමින් කැලණිය,පේරාදෙණිය සහ රුහුණු විශ්ව විද්‍යාලයන් හී වෛද්‍ය ශිෂ්‍යයන් 16 දෙනකු ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට එම විශ්ව විද්‍යාලයන් හී පාලනාධිකාරිය ගත් තීරණය බලරහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කරනු ලැබ ඇත.
ඊට අමතරව වෛද්‍ය පීඨයේ ලියාපදිංචි වී වසර 10ක කාලයක් ඉක්මවා යෑමෙන් ශිෂ්‍යභාවය අහෝසි වන බවට සදහන් රෙගුලාසිය ද අහෝසි කරමින් අභියාචනාධිකරණය තවත් රිට් ආඥවක් නිකුත් කළේය.
අභියාචනාධිකරණ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ වෛද්‍ය ශිෂ්‍යයින් 16 දෙනකු ගොනු කළ පෙත්සම් 3 ක් සම්බන්ධයෙන් තීන්දුව ලබා දෙමිනි.
කැලණිය , පේරාදෙණිය සහ රුහුණු විශ්ව විද්‍යාලයන්හී ශිෂ්‍ය ශිෂ්‍යාවන් 16 දෙනකු ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස එම විශ්ව විද්‍යාලයන් හී ලේඛකාධිකාරීවරුන් , වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලො එක්තරා දේශපාලන කණ්ඩායමක මුළු කාලයම වැඩ කරන්නේ... ඒ ගොල්ලන් තමයි අලුතෙන් එන ළමයින්ගේ මොලේ සෝදලා ඒ අයවත් නොමගට යොමු කරන්නේ... හැම කරදරයකටම හේතුව මේ රිංගා සිටින අය. මම නම් හිතන්නේ පාලන අධිකාරිය හරි කියලා.
අවුරුදු 10ක් තිස්සේ උපාධිය පාස් කර ගන්නේ නැතිව මොනවද කරන්නේ? අනෙක විභාග ෆේල් වෙන්නේ වැඩ බැරි නිසා. අවුරුදු 15ක් විතර ගිහින් උපාධිය අරගෙන ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙයිද හරියට...? එතැනදීත් ඒක බැරිනම් මේක කියලා බේත් මාරු කරන්න පුළුවන්ද? විභාගේ මේ සැරේ බැරි නම් ඊළඟ සැරේ කරනවා වගේ....