(ඩයනා උදයංගනී)
විශ්ව විද්‍යාල සිසුන්ට සහ මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට පළමුව ෆයිසර් එන්නත ලබා දෙන්නැයි තමා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
සිසුන් සංඛ්‍යාව අඩු පාසල් විවෘත කිරීමට වඩා මෙම අවස්ථාවේදී වැදගත් වන්නේ විශ්ව විද්‍යාල හා මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට එන්නත් ලබා දී ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එබැවින් 80,000 ක් පමණ වන මෙරට විශ්ව විද්‍යාල සිසුන්ට සහ ලක්ෂ තුනක් පමණ වන මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට පළමුව ෆයිසර් එන්නත ලබාදීම වැදගත් බවද පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හොදයි..... මේ අම්බරුවා කියන විදියටම සෞඛ්‍ය අංශ ඒ කියන ටික "කොරන්න" හොදේ. අප රටේ දේශපාලුවන් යනු නිතරම ඕන්නැති රෙද්දවල් වලටමයි "හොම්බ" දාන්නේ..... මෙත් එවැනිම "හොම්බ" දැමිල්ලකි.
ඔබතුමාගේ අදහස නිවැරදි වුවත් අදාල මහාචාර්ය වරයෙකු වන ඇමති චන්න කියන්නේ සංකූලතා තියෙන දොලහට වැඩි අයට පළමුව දෙන්න ඕනෑ කියලයි. කොවිඩ් කටයුතු වලට සම්බන්ධ සියල්ලෝම ඔක්කොම රජවරු වෙලා අනාගෙන ඉන්නා බවක් පේනවා. ඔබතුමා කිව්වට වැඩක් නැහැ
අපේ දේශීය බෙහෙත් කොපමණ තියෙනවද? කෝ ඒවා ගැන එක්කෙනෙක් කතා කරනවද
මේ රවීන්ද්‍ර මහා කෙරුමෙක් වගේ... බුද්ධිමත්ව අදහස් දක්වන විපක්ෂයේ ඕනෑම කෙනෙකුට කැත විදිහට අපහාස කරනවා. චම්පික රණවක මහතා කියන කතාව ඉතාම නිවැරැදියි සහ විද්‍යාත්මකයි. මේවා වහල්ලුන්ට තේරෙන්නේ නැහැ.
මේගොල්ලෝ හිටියනම් ෆයිසර් ගහන්න මිනිස්සු ඉතුරු වෙන්නේ නැහැ. රටෙන් භාගයක් මැරිලා කොරෝනාවලින්... අනික් බාගෙ මැරිලා බෝම්බවලින්... දැන්වත් වෙන වැඩක් බලාගෙන මහත්තයා යන්න අපිට පව් නොදී..
දරුවන් බේරගන්න තමයි හැමෝම මහන්සි වෙන්නේ.. වීස් එක, ඇදුම, තරබාරු ඇතුළු නොයෙක් ලෙඩරෝග තියෙන අයට තමයි ප්‍රමුඛත්වය දිය යුතු...
ඒ් අයටත් මුලිකත්වය දිය යුතුයි
ඒක හොඳ අදහසක්.