ඩී.ජී.සුගතපාල
විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පතිවරයකු සහ ධනවත් ව්‍යාපාරිකයකු හෙරොයින් කිලෝ 1 ග්‍රෑම් 65ක් සුඛෝපභෝගී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගාල්ල ඒකකයේ නිලධාරින් විසින් අකුරල දී අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති නියෝජ්‍ය විදුහල්පතිවරයා 67 හැවිරිදි රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර අනෙක් පුද්ගලයා 47 හැවිරිදි ඌරගහ මීගස්පිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි.
නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ අයියා ද හෙරොයින් ජාවාරම් කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මේ වනවිට කලුතර බන්ධනාගාරයේ රඳවා සිටින බවත් ඌරගහ ප්‍රදේශයේ පුද්ගලයා වාහන සේල් එකක් සහ වාහන කුලියට දීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන අයෙකු බවත් පොලිසිය පවසයි.
සැකකරුවන් දෙදෙනා හෙරොයින් තොගය රැගෙන ගාල්ල දෙස සිට කොළඹ දෙසට සුඛෝපභෝගි මෝටර් රථයකින් යමින් සිටියදී ලැබුණු තොරතුරක් අනුව අම්බලන්ගොඩ අකුරල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර පරික්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ සැකකරුවන් කලක සිට හෙරොයින් ජාවාරමේ යෙදී ඇති බවයි.
සැකකරුවන් අද (10) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද අපේ රටේ පංච මහා බලවේගයම මත්කුඩු ජාවාරම් කාරයන් බවට පත්වෙලා.. නිතරම අහන්න ලැබෙන පරිදි, හාමුදුරුවරු.. දොස්තරවරු.. විදුහල්පතිවරු.. ගොවි, කම්කරු.. දේශපාලකයන් යන මෙයාලා ඔක්කොම මොන විදිහකින් හරි මේ මත්කුඩු සමග සම්බන්ධ කම් තියනවා.. කණගාටුයි !!! කවුද අපේ රට මේ උවදුරෙන් බේරාගන්නේ?
අපේ ගම් පළාත්වලට කුඩු වැහි වැහැලා. කුඩු, පාතාලය, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, වංචාකාරයන් ඔක්කොම අපේ පළාතෙන්.. මක්කැයි දෙයියනේ අපිට වෙලා තියෙන්නේ..?
ජනපතිතුමා කෙලින් ඉන්න නිසා මෙහෙම හරි අල්ලනවා. ජයවේවා අපේ ජනපතිට...!!!
දූෂකයෝ අල්ලන්න ගිහින් අද අපේ ගරු ජනාධිපතිතුමා තනි වෙලා ඉන්නේ... එ්ත් අපි තාමත් එතුමාගේ පිටුපසින් ඉන්නවා.. දූෂණයෙන් තොර යහපාලනයෙන් පිරි රජයක් ගොඩ නැගීමට අපගේ උපරිම සහයෝගය...
ඇඹිලිපිටියේ පුද්ගලයා දරුවන් 28 ක් මැරුවා. මොහු රටේම දරුවෝ නසන්නෙක්. කඹේ ගේනවා නේද ?