
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා විවාහක රූ රැජින අවසන් තරගාවලිය කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී ඊයේ (4) රාත්‍රියේ පැවති අතර එහිදී ජයග්‍රාහිකාව ලෙස නම් කෙරුණු පුෂ්පිකා ද සිල්වා මහත්මියට එම කිරුළ විනාඩි කිහිපයක් තුළ අහිමිවීම නිසා එහි දැඩි නොසන්සුන් තත්ත්වයක් ද ඇතිවිය.
තරඟය අවසානයේ අංක 20 යටතේ තරඟකළ පුෂ්පිකා ද සිල්වා මහත්මිය ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත්කෙරුණු අතර ඇයට කිරුළ පළඳවනු ලැබුවේ ශිරාන්ති රාජපක්ෂ, කොළඹ පුරපතිනි මෙන්ම ලෝක විවාහක රූ රැජිණක් ද වන රෝසි සේනානායක මහත්මීන් සහ සහ චන්දිමාල් ජයසිංහ මහතා විසිනි.
කිරුළ පැළඳ වූ පිරිස වේදිකාවෙන් පිටව ගොස් නව රූ රැජින ජයග්‍රාහී ගමනේ යෙදී සිටියදී, වර්තමාන ශ්‍රී ලංකා සහ ලෝක විවාහක රූ රැජින ද වන කැරොලයින් ජූරි වේදිකාවට නැග ප්‍රකාශ කළේ ජයග්‍රාහිකාව වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය දික්කසාද වූ තැනැත්තියක් බවත් ඇය විවාහක රූ රැජින කිරුළ දිනා ගැනීමට සුදුසුකම් නොලබන බවත්ය.
එසේ ප්‍රකාශ කළ කැරොලින් ජූරි මහත්මිය ඉන්පසු තරඟයේ ජයග්‍රාහිකාව ලෙස අනුශූරතාවය ලබාගත් තරගකාරිය ප්‍රකාශයට පත් කළාය.
අනතුරුව ඇය පුෂ්පිකා ද සිල්වා මහත්මිය අසලට ගොස් ඇය පැළඳ සිට කිරුළ ගලවා නව ජයග්‍රාහිකාවගේ හිසෙහි පැළඳවූ අතර පුෂ්පිකා ද සිල්වා මහත්මිය නිහඬව වේදිකාවෙන් ඉවත් වූවාය.
නිරූපණ ශිල්පිනියක් වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය 2011 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කරගනිමින් ලෝක රූ රැජිණ තරඟාවලියට ද ඉදිරිපත් වූ අතර ඇය එක්දරු මවකි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විලි ලැජ්ජාවේ බෑ
අයියෝ සල්ලි.... අන්තිම මොහොතේ ද දන්නේ මෙයා දික්කසාද වෙලා කියලා?
නරුම ක්‍රියාවක් ....! සියල්ල ඉදිරියේ කෙතරම් අපහසුතාවයට පත්වන්නට ඇත්ද. සුදුසුකම් පරික්ෂාකලයුත්තේ තරගය අවසානයේද? වරද කොතනද? / කාගේද?
දරුවන් සමඟ තනි වූ දික්කසාද ගැහැණු තව තවත් පීඩාවට පත් කරමු....දික්කසාද වීම යනු එම ගැහැනියගේ අවසානයයි....දික්කසාද ගැහැනිය වැදගත් තරඟ වලට නුසුදුසු වේ....දික්කසාද ගැහැනිය අසුබ ලකුණකි....දික්කසාද ගැහැණියට ඔටුන්න නුසුදුසු වේ....හරියට නිකං ඉස්සර ඉන්දියානු සමාජයේ වැන්දඹු ගැහැනිය වගේ....අසරණ වූ ගැහැනුන්ට තව තවත් පීඩාවට පත් කරමු...හරිම ගෝත්‍රිකයි... දියුණු සමාජයට නම් කොහොමත් ගැලපෙන්න නෑ.....
සංවිධායකයින් සාධාරණයි.මේ තැනැත්තිය දික්කසාද වුන කෙනෙක් නම් විවාහක රෑ රැජින තරගයට සහභාගී වෙන්නත් බැහැ.ඇය තරගයේ නීති උල්ලංඝනය කර ඇති බව කවුරුත් කතාවෙනවා. එහෙම අවස්ථාවක දෙවන ස්ථානයට පත්වුන කෙනාට පළමු ස්ථානය ලැබෙනවා. මෙයා වැරදිලාවත් මෙහෙදී විවාහක රෑ රැජින කිරුල දිනාගෙන අවසන් තරගයට ඇමෙරිකාවට ගිහින් එහෙදි ඇන ගත්තානම් අපේ රටට තවත් නින්දාවක් එකතුවෙනවා.මැයට විරුද්ධව නිතියානුකුල ක්‍රියාමාර්ග ගතයුතුයි.
හරි නම් වෙන්න ඕන දික්කසාද උන අයට සමාජයෙන් ශක්තියක් වෙන එක... ඒකට වෙන්නේ සමාජයෙන් කොන් කරන එක...
දැන් ඉතින් අපේ රටට අඩුවකට තියෙන්නේ "දික්කසාද රූ රැජින" තේරීමේ මහා තරගයක්.