( සිතුම් චතුරංග)

වවුනියාවට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරෝධය පලකරමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පිරිසක් වවුනියාව පම්පමඩුවේ අද විවෘත කළ විශ්ව විද්‍යාලය ඇතුළුවීමට උත්සහ කළ අවස්ථාවේ මාර්ග බාධක යොදා නතර කිරීමත් සමග  අතුරුදහන්වූ ඥාතීන් සහ පොලිසිය අතර දැඩි නොසන්සුන්තාවක් ඇති තත්ත්වයක් වූහ.

විරෝධතාකරුවන් විශ්ව විද්‍යාලය අසලට යාම වළක්වාලමින් පොලිසිය හා යුද හමුදාව  වවුනියාව, පම්පමඩුව යුද හමුදා කඳවුර අසල මාර්ග බාදකයේදී රඳවා ගනු ලැබීය. 

වත්මන් ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්ව සිටියදී යුද්ධය අවසානයේ සිය දරුවන් ඇතුළු ඥාතීන් අතුරුදහන්වූ බවත් ඔහු මේ සඳහා පිළිතුරු ලබාදිය යුතු බවත් අතුරුදහන්වූවන්ගේ ඥාතීහු පවසා සිටියහ.

ආරක්ෂක අංශ හා පොලිසිය විරෝධතාකරුවන්ට  ජනාධිපතිවරයා පැමිණ සිටින වවුනියාව පම්පමඩුව විශ්ව විද්‍යාලය ඉදිරිපිටට ගමන් කිරීමට නොදුන් අතර පැය දෙකකට ආසන්න කාලයක් විරෝධතාකරුවෝ පම්පමඩුව යුද හමුදා කඳවුර අසල විරෝධතාවයේ නිරත වූහ.

ජනාධිපතිවරයා හමුවීමට දෙදෙනකුට පමණක් ලබාදීමට හැකි බවත් සියලු දෙනාට අදාල ස්ථානයට යෑමට ඉඩදිය නොහැකි බවත් වවුනියාව පොලිසියේ උසස් නිලධාරීන් හා ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් පැවසූවත් ඊට විරෝධතාකරුවන් එකඟතාවයක් කළ නොකළේය.

අනතුරුව විරෝධතාකරුවන් ඉවත් කිරීමද පොලිසිය කටයුතු කළේය.