(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)

ශ්‍රී ලංකාවේ 17 වන රාජ්‍ය විශ්වවිද්‍යාලය ලෙස වව්නියා විශ්වවිද්‍යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (11) පෙරවරුවේ විවෘත කළේය.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සහ එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය තම්බු මංගලේෂ්වරන් යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.