සිතුම් චතුරංග
මඩකලපුව,වව්නතිව්හි පොලිස් නිලධාරීන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් හා උතුරු නැගෙනහිර සන්නද්ධ කල්ලි මර්දනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලීම් කරමින් වවුනියාව ප්‍රදේශවාසීහූ අද (7) වවුනියාව පැරණි බස්නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.
උතුරු නැගෙනහිර ජනතාව වසර 30 කාලයක් පීඩාවිඳි ඊළාම් යුද්ධය නැවත ඇතිවීම වැළැක්වීම සඳහා සිංහල , දෙමළ , මුස්ලීම් ජනතාව එක්වන ලෙසට ද විරෝධතාකරුවෝ එහිදී ඉල්ලා සිටියහ.
ආයුධ සන්නද්ධ විවිධ කල්ලි විසින් සිදුකරන අපරාධ හේතුවෙන් උතුරු නැගෙනහිර ජීවත්වන දෙමළ, සිංහල, මුස්ලිම් ජනතාව දිනෙන් දින විරසකයට පත්වන බවත් එය අවසන් කිරීම සඳහා එම කල්ලි අත්අඩංගුවට ගෙන ඔවුන් වෙත දැඩි දඬුවම් ලබාදීමට පියවර ගන්නා ලෙසත්ය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නිවැරදි නම් මෙතන ඉන්නේ සිංහල සහ මුස්ලිම් ජනතාව පමණයි.