(ඉන්දිකා රාමනායක)
වෙඩි වැදි මියගිය බවට සැකකරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ මළ සිරුරු අද (30) පෙරවරුවේ මඩකලපුව වවුනතීව් පොලිස් මාර්ග බාධකයේ තිබී සොයාගෙන තිබේ.
මෙම කොස්තාපල්වරුන් දෙදෙනා වවුනතීව් පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි අය බවත් ඊයේ පස්වරු 6.00 ට මොවුන් රාත්‍රී රාජකාරි සඳහා මෙම මාර්ග බාධකයට පැමිණ ඇති බවත් පොලිසිය කියයි.
අද පෙරවරු 6.00 ට මොවුන්ගේ රාජකාරිය නිමවීමට නියමිතව තිබූ අතර රාජකාරි භාර ගැනීමට එහි ගිය වෙනත් කොස්තාපල්වරයෙක් මොවුන් දෙදෙනාගේ මළ සිරුරු එහි තිබෙනු දැක සිද්ධිය පොලිසියට දැනුම් දී තිබුණි.
ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් දැන්ම වැඩ පටන් අරගෙන වගේ.....................
ඒ කාලේ නම් මෙහෙම දේවල් උනේ නෑ, අපෙ හාමුදුරුවනේ..........
නිය පොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරවෙන් කපනකම් තියාගන්නේ නැතුව මේවට එක්මන් ක්‍රියාමාර්ග ගන්න.
දෙන්නෙක් ජීවිතක්ෂයට පත්වන්න තව කීදෙනෙක් මුරපොලේ සිටියාද? තුවාල මොන වගේද? කැපුම්? ගිනිඅවි? හැකි ඉක්මණින්ම මුල හොයාගන්න. ඔඩුදුවන්න දෙන්න එපා.
ඔය පටන් අරන් තියෙන්නේ... අවුරුදු 3 1/2 ක් තිස්සේ කරපුවයේ ප්‍රතිඵල තමයි...
මෙම සිද්ධිය ගැන අද පාර්ලිමේන්තුවේ යම්යම් දේශපාලකයින් ප්‍රකාශ කරලා තිබෙනවා. මේ අය කටපියාගෙන උන්නොත් නේද හොඳ? රහස් පරීක්ෂක නිලධාරීන්ට එම රාජකාරිය බාර දීලා.
CCTV කැමරා තිබුණා නම් අපරාධය කළවුන් සොයාගන්න පහසුයි.
සහජීවන, සංහිඳියාව කියමින් මහා විරුදින, මුල්ලිවයික්කාල් දිනවල් සමරන්න අවසර දීලා තියනවා. නමුත් රණවිරුවන්ට යුද ජයග්‍රහණ දිනය සමරන්න බැහැ. අද රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට වගේම තමයි මේකත්...
ඊළඟට මේවගේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ කොළඹ ඇතුළු ප්‍රධාන නඟර වලද? උතුර නැඟෙනහිර මුල්කොට වෙනත් නඟරවල කලබල ඇතිකර දැනට රටතුළ නිර්මාණයවී ඇති අස්ථාවර අරාජික භාවය සඳහා විසඳුම් සෙවීමට ගන්නා උත්සාහයක්ද මේ?
ඔහොම කියන්න එපා. අන්තිම නරකයි ඒක සහ ජීවනයට බාධාවක්... ඕක මේ පොලිස් නිලධාරීන් දෙන්නා අතර පුද්ගලික ආරාවුලකට වෙච්ච දෙයක්.. ඕනෑනම් පශ්තාත් මරණ පරීක්ෂණය අර තාජුදීන්ගේ මරණයට සම්බන්ධ උන්නැහේට කියලා කරවාගන්න පුළුවන්... මරු රිපෝට් එකෙක් දේවි!!!
විමලයෝ මෙන්න කොටි නැගිටිනෝ .....
මේ මොකද වෙන්නේ? රජය ඉක්මණින් ක්‍රියාත්මක විය යුතුයි.
පළමුව මේ සිදුවීමට නියම හේතුව සොයාගෙන කඩිනමින් රටේ ජනතාව දැනුම්වත් කළ යුතුයි.. ඇත්තටම හේතුව නැවත එල්ටීටීඊ සම්බන්ධයක් නම් නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ නියපොත්තෙන්ම කඩන්න ඕනෑමයි.. ඒකට ජාති, පක්ෂ භේද ගාවගන්නත් එපා..
ඕක රනිල් අගමැති වෙච්ච කාලේ වුණා නම් අර ගොබිලෝ දෙන්නා මෙලහකට ජාත්‍යාලේ අවුස්සලා ඉවරයි. වෙලාවට මහින්දගේ කාලේ...