(යොහාන් භාසුර)

විවිධ රෝගාබාධ වලින් පෙළෙන වයස 20 ට වැඩි පුද්ගලයන්ට කොවිඩ්  මර්දන තෙවැනි එන්නත් මාත්‍රාවක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ ඌන ප්‍රති ශක්තියෙන් යුතු වයස 20 ට වැඩි පුද්ගලයන්ට බූස්ටර්  එන්නත ලබා දෙන බවත් එම වයස් සීමාවේ සිටින විවිධ රෝගාබාධ වලින් යුත් පුද්ගලයන් හැකි ඉක්මනින් බූස්ටර් එන්නත ලබාගැනීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.