විවෘත විශ්වවිද්‍යාලයේ නීති උපාධිය සඳහා අයඳුම්පත් කැඳවීම මාර්තු 1 වැනිදා සිට ආරම්භ කරන බව උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම විශ්වවිද්‍යාලයේදී පැවැසීය.
ඒ අනුව අයඳුම්පත් කැඳවා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට මාස දෙකක කාලයක් ගතවනු ඇති බවත් මේ වර්ෂය මැද වනවිට නව සිසුන් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් අමාත්‍යවරයා කීවේය.
විවෘත විශ්ව විද්‍යාලයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඉකුත් දා (20) විශ්ව විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අතර එහිදි ඉහත කරුණු සඳහන් කළේය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ ද කීය.
“විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධි පාඨමාලාව මේ වසරේදී ආරම්භ කරන්නැයි රටේ සිසු සිසුවියන් සහ විද්‍යාර්ථීන් විශාල ප්‍රමාණයකගෙන් ඉල්ලීම් ඉදිරිපත්ව තිබෙනවා. එහෙත් එසේ තිබියදීත් උපාධි පාඨමාලාව ආරම්භ නොකිරීම ගැන බොහෝ පිරිසකගෙන් අපට පැමිණිලි හා මැසිවිලි ආවා.
එහි සත්‍ය තත්ත්වය සොයා බැලීමටත් විවෘත විශ්වවිද්‍යාලයේ පවතින අනෙක් ගැටලු පිළිබඳ සොයා බැලීමටත් මමත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාත් විශ්ව විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. නව උපාධි පාඨමාලා ආරම්භ කිරීම සහ විවෘත විශ්වවිද්‍යාලය සඳහා සිසුන් ප්‍රමාණය වැඩි කිරීමට ඇති හැකියාව සොයා බැලීමටත් අපි එහිදි කටයුතු කළා. එහිදි අපි මේ කරුණු සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සහ අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කළා.
ඒ අනුව 2020 නීතිවේදී උපාධි පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීම මාර්තු මස 01වෙනි දින සිට ක්‍රියාත්මක කිරීමට අපි තීරණය කළා. ඒ අනුව අයදුම්පත් නිසි පරිදි කැඳවා ඉදිරි කටයුතු කිරීම සඳහා මාස දෙකක පමණ කාලයක් ගතවේවි. ඒ අනුව මේ වර්ෂයේ මැද වන විට නව සිසුන් බඳවා ගැනීමට හැකිවේවි.
එමෙන් ම රට වටා තිබෙන මහින්දෝදය විද්‍යාගාර 1000 උපායෝගී කර ගනිමින් විවෘත විශ්වවිද්‍යාලය සමඟ සම්බන්ධ කරමින් “මෘදුකාංග ඉංජිනේරු උපාධිය” හැදෑරීම සඳහා ළමුන් 40,000ක් සඳහා අධ්‍යයන අවකාශ සලසා දීමට අපි කටයුතු කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව උසස් පෙළ සමත්වන සියලු ම සිසුන්ට විශ්වවිද්‍යාල උපාධියක් දක්වා අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව උදාකර දීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට මේ මඟින් විශාල සහයෝගයක් ලැබෙනවා”.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ විභාග ශාලාව වායු සමනය කරලා, ඉන්ටර්නෙට් පහසුකම් එහෙමත් ඇතිනේද...? දැන් ඒ අයගේ කාලයනේ.
දැනට විවෘත විශ්ව විද්‍යාලයේ උපාධි පාඨමාලා හදාරන සිසු සිසුවියන්ටත් ඔවුන් අපේක්ෂා කරන්නේ නම් නීති උපාධිය හැදෑරීමට අවස්ථාව ලබාදෙන්න.
2019 AL කරපු අයටත් මේ උපාධියට ඉල්ලුම් කරන්න පුළුවන්ද...?
2020 නීති විද්‍යාල ප්‍රවේශය සදහා අයදුම්පත් ලබාගන්නේ කෙසේද? අවසන් දිනය කවදාද?
මම 2009 වසරේ පෝස්ට් ග්‍රැජුවෙට් ඩිප්ලෝමා එක අවසන් කළා .2010 සිට මගේ සහතිකය තහවුරු කරන්න ගාල්ල උඩුගම කලාපය ලිපි මඟින් උත්සාහ කරනවා. අවුරුදු 10 ගිහිල්ලා තවමත් ඒක කරන්න බැරි වුණා... විශ්ව විද්‍යාලය ඔබේ එක....
ගියවසරේ යොමු කරන අයැදුම්පත් වලට අදාලව තෝරා ගැනීමේ විභාගය තාම පැවැත්වූයේ නෑ. ඒකට මොකද වෙන්නේ?
අවසන් දිනය කවද්ද? අයදුම්පත් ලබා ගන්නේ කෙසේද?