රංජන් කස්තුරි
පාසල් සිසුන්ට නැවත නිල ඇඳුම් රෙදි ලබා දීමට රජය තීරණය කර තිබේ.
පාසැල් සිසුන්ට ලබා දෙන නිල ඇඳුම් වව්චර ක්‍රමය නතර කර නැවතත් පැරණි ක්‍රමයට රෙදි ලබා දීමට තීරණය කර තිබෙන බව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව 2019 වසරේ ජනවාරි මාසයේ සිට පාසැල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබා දීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වවුචර් ක්රමයේ මුලදී ගැටළු තිබුනා. පස්සේ හරි ගියා. මගේ දරුවන්ටත් ඉස්සර ලැබුනේ බාල රෙදි. වව්චර් ක්‍රමය නිසා අතිනුත් පොඩි ගණනක් දාලා හොඳ රෙදි ගත්තා. රෙදි බෙදා දීමේදී නොයෙක් දුෂණ වුණා. වියදමත් අධිකයි. යහපාලනය ආවෙත් මල්වෙඩි ගහගෙන . බදු මිල අඩුකලා නොහිතපු විදියට. මෙහෙ ගියොත් ගමන කෙටි වෙනවා.
වැඩෙ නම් නියමයි හැබැයි අර ඉන්දියාවෙන් ගෙනා බාල තොගය නම් බෙදා දීම සිදු කරන්න එපා. එක බෙදා හරින්න ඒවා ගෙන්වීමට අවසර දුන් මහත්වරුන්ට. අය කරන්න ගන්න නැත්නම් නඩු පවරන්න.
වවුචර ක්රමයේ ගැටලුවක් තිබුනේ නැහැ.
කලින් රජයෙන් කරපු හොද වැඩ නවත්තන එක මෝඩ වැඩක්. වවුචරයක් දෙන එක තමයි හොද මොකද එතකොට ඕනෙ කෙනෙකුට තමන්ට කැමති විදියට කැමති විදියට මහගන්න පුළුවන් මේකෙන් මේ කරන්නේ නාස්තිය වැඩිවීමක් තමයි.
අමුඩ ලේන්සුවකට රෙදි කෑල්ලක් සහ කෙටේරියක් දුන්න නම් ඒ හොඳටම ඇති? මොන ටැබ් ද මහත්තයෝ මේ අපේ එකාලට?
නිල ඇදුමට දෙන රෙදි වලට යන වියදමට අමතරව තවාත් කෝටි ගානක් ඇසුරුමට, ප්‍රවාහනයට ,වියදම් කරන්න වෙනවා . මේ රටේ සල්ලි තමුන්ගේ මිනිස්සුන්ට කන්න පුළුවන් විදියට හදල තිබුණු ක්‍රමේ වෙනස් කරලා ගසා කෝටි ගනණක් ඉතුරු කරගන්න කූපන් ක්‍රමෙන් පුළුවන් වෙලා තිබුණ .රෙදි ටෙන්ඩරේ ඉදල පාසැල දක්වාම මුදල් ගසාකෑමට දැන් අයෙත් පුළුවන් .හොරා කාපු අයට ඕව නැතිව ගිය එක තමයි පහු ගිය කාලේ තිබුණු ලොකුම අමාරුව......
වව්චර් ක්‍රමය හොඳයි කියල හිතෙන්නෙ මට විතරද?
බොහොම හොද දෙයක්. වවුචරයට ගන්න රෙදි නැහැ අතින් තව ගානක් ගෙවන්න ඕනේ.......
2015 පෙර දෙන ලද රෙදි තවම ගෙදර ඇත. ඒවායින් ඇඳුම් මැසීමට නොහැක. නමුත් වවුචර මුදලින් අප අඩු වූ මුදල් යොදවා නිමි ඇඳුම් හෝ රෙදි මිළදී ගත්තෙමි. අප කාටවත් කඩේ නොයමි. හොඳ දේ අගය කරමි. මෙසෙ නිළ ඇඳුම් රෙදි ලබා දීමෙන් කොන්ත්‍රාත් කරුවන් පමණක් සෑදේ. මෙය නොකරන්න.
ආයෙත් ගබඩාවල පරණ රෙදි ගොඩ ගැසේවි. පසුගිය වර ඉතිරිවෙලා තිබූ පරණ රෙදි තොග ගණන් දුෂ්කර සහ හුදෙකලා පාසල් දරුවන්ට දීලා ඉවර කළේ. ආණ්ඩු වෙනස් උණාට හැම දෙයක්ම වෙනස් කරන්න එපා. මේක නිළධාරින්ට හා තවත් අයට කොමිස් ගන්න චාන්ස් එකක් විතරයි.
ඔව් ඔව් එක හොඳයි...ඔයාලගේ කාටහරි ටෙන්ඩර් එක දෙන්න පුළුවන්නේ...රෙදි මීටර් එකකින් එක රුපියලක් තිබුණත් ඇති. ඕකටනේ පහුගිය කාලේ උගුර ලේ රහ වෙනකන් කෑගැහුවේ...
ඔන්න ඔන්න ඉතින් වලන් කඩේට පැනපු හරක වගේ කරන්න යනව කවුරු කරත් මේ වවුචර් ක්‍රමය ඉතා හොඳ ක්‍රමයක් කරුණාකරලා වෙනසක් කරන්න කලින් මේ පිලිබඳ අධ්‍යනය කරන්න
කරුණාකර අවශ්‍ය දේ පමණක් වෙනස් කරන්න. වවුචර ක්‍රමය නම් කිසිම ගැටලුවක් නැති වංචා කරන්න බැරි, පහසු ක්‍රමයක් ඇමති වෙනස් වූ බව රටම දන්නවා. ඒ බව දන්වන්න මෙවැනි වෙනස් අවශ්‍ය නැහැ. පුලුවන්නම් අවිධිමත් පත්වීම්, මාරු කිරීම්, 5 ශිෂ්‍යත්වය, දේශපාලන ඇගිලි ගැසීම් ..... අන්න ඒවා වෙනස් කරන්න.
මේ අනිත් විපුල ඉන්නේ කොහෙද දන්නේ නෑ, ඕක තමයි ලංකවට වෙච්ච දේ, හොඳදේ අගය කරන්නේ නෑ, දැන් කුණු කොල්ලෙට ජරා රෙදි ගෙනල්ල හොඳ කොමිස් කුට්ටියක් ගනියි.... වව්චරේ නිසා රෙදි කඩ අතර තරඟයක් තිබුණා.....
ඔන්න පටන් ගත්ත කොමිස් ගහන්න.......... ජයවේවා.
එක හොද දෙයක්. වව්චරේ ගන්න දෙමව්පියෝ වැඩ නිවාඩු දාල ඉස්කෝලෙට යන්න ඕනේ. දවසේ පඩියට වැඩ කරන කම්කරු ජනතාවට මේක මහා පීඩාවක්. ඒ මිනිස්සුන්ට එදා දවසේ සම්පුර්ණ ආදායමත් නැති වෙනවා.
පරණ ක්‍රමයට දෙනවා කීවේ ටෙන්ඩර් කැදවලා කොමිස් ගහලා බාල රෙද්දක් දෙන ක්‍රමය .
දැන් බලමුකො, පරණ ආණ්ඩුව තිබ්බ කාලෙ හැමදේටම පාරට බැහැලා උද්ඝෝශණය කරපු සෙට් එක මේ ආණ්ඩුව කාලෙත් ඒක කරයිද කියලා. නිදහසත් ඉවරයි.
නිල ඇඳුම්වලට දුන්නේ බාල රෙදි.. මගේ ළමයින් දෙන්නට හම්බවුණු රෙදි තාමත් ගෙදර.. වව්චර් දුන්නාම මදි වෙන ගාන අතින් දාලා හොඳ තත්වයේ ඇඳුමක් අපි ගත්තා. දැන් ඒකටත් කෙළියා නේද? තමන්ගේ එකෙකෙුට මේ රෙදි සපයන්න දුන්නාම හොඳයිනේ..
වවුචර් ක්‍රමයෙන් සල්ලි ඉතුරු වුණු නිසානේ ජනතාවට බදු වලින් මිල සූත්තර වලින් පීඩා කලේ... අන්තිමට අතින් සල්ලි දීලා තමයි හරියට මහන්න පුළුවන්... ප්‍රමාණයට රෙද්ද ගන්නේ... රටේ ගොනාට අන්දන්න පුළුවන් ජන්ද දායකයන් ඉන්න නිසානේ අවුරුදු තුනක් නාස් ලණුව දාගෙන දක්කන් ගියේ...
මගේ ළමයි දෙන්නෙක් පාසල් යනවා... රාඩෝ කියන හොදම රෙද්දෙන් කිසිම අමතර මුදලක් නැතිව රෙදි ගත්තා වවුචරයට.
වවුචර් ක්‍රමය ආරම්භ වූ කාලයේ නම් ගැටළු තිබුණා. ඒ නිසා මහජන විරෝධයක් තිබුණු නමුත් දැන් ගැටළු විසඳිලා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. නව ක්‍රමයෙන් වංචා, අක්‍රමිකතා, ප්‍රවාහන, බෙදාහැරීමේ, ප්‍රමාදවීම්, අපතේ යාම හා ගබඩා ප්‍රශ්න වගේ බොහෝ ප්‍රශ්න විසඳුනා. රජයේ ගුරුවරයෙක් විදිහට මම දන්නවා වවුචර් ක්‍රමය පාසල් වලට වුනත් හරිම පහසුයි. රට වෙනුවෙන් සේවයක් කිරීමට නොයිවසිල්ලෙන් සිටින ඇමතිතුමාට පුළුවන් තව රුපියලක් හරි වැඩිකරලා මේ වවුචරය දෙන්න...
හා හා එතකොට අර පහුගිය දවස්වල සළු සල ගෙන්නලා තිබුණා කියපු තත්වයෙන් බාල රෙදි ටික ඇඟේ ගහන්න පුළුවන් නේද? කොහොමද කොමිස් එක?