(ඩයනා උදයංගනී)
වැවක් හදන්න ගිය විට ඇතැමුන් විවිධ තර්ක ඉදිරිපත් කළත් එහි අවශ්‍යතාවය තේරෙන්නේ වතුර නැති අයට යැයි වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.
ජනතාවට ජලය දෙන්න නම් වැව් හදා ජලය එකතු කර ගත යුතු යැයි කී ඇමතිවරයා පරිසරය විනාශ කරනවා, ගස් කපනවා කියමින්අ කෑ ගසන අයට එම අවශ්‍යතාවය තේරෙන්නේ නැතැයි ද සඳහන් කරයි.
මෙවැනි කටයුතුවලදී පරිසරයට යම් හානියක් සිදුවන්නේ නම්, ඒ වෙනුවට ගස් වගා කළ යුතු බව ද ඇමතිවරයා කියයි.
අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ අනුරාධපුර, තන්තිරිමලයේදී ඉදිකිරීම් ඇරඹුණු මෙරට තෙවැනි විශාලතම ජලාශය වන මල්වතු ඔය ජලාශයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
වියළි කළාපයට අයත් අනුරාධපුර, වව්නියාව සහ මන්නරාම් දිස්ත්‍රික්ක ව ජනතාව දරුණු ලෙස පීඩාවට පත් වූ උග්‍ර පානීය සහ වාරී ජල අර්බුදයට විසදුම් ලබා දීම සඳහා යෝජනා වී තිබූ පහළ මල්වතු ඔය ජල ව්‍යාපෘතියේ ඉදි කිරීම් කටයුතු මෙලෙස ආරම්භ කෙරිණි.
ඉදි කිරීමට යෝජිත ජලාශයේ ධාරිතාව අක්කර අඩි 169 000 ක් වන අතර, ප්‍රධාන බැම්මේ දිග කිලෝ මීටර 3.6 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැවක් හදන්න කැළයක් කපන්න හදනවා නම් ඒක මහා අසමජ්ජාති වැඩක්..
ඔහේගේ තාත්තාගේ පටන් මල්ලිලා දක්වා අවුරුදු 70ක් හම්බන්තොට දේශපාලනය කළා නේද? හම්බන්තොටට වතුර නැති බව දන්නේ අදද?
අලුත් වැව් තවත් කන්නද? සුද්ද නොකළ වැව් පිළිසකර කළාම ලංකාවට විතරක් නොවේ ලෝකෙටම වතුර දෙන්න පුළුවන්. බොරුවට අලුතින් වැව් හදලා සල්ලි කාබාසිනියා කරලා, රට තවත් ණයබරට තල්ලු කරලා වැඩක් නැහැ. ඔය ඉන්න කට්ටිය දැන් මහලුයි. ඔයගොල්ලන් ණය කරලා මියගියාම දැන් ඉන්න ළමයින්ට තමයි ඒවා ගෙවන්න වෙන්නේ.
වැවක පමණක් නොව පොදුවේ ගත් කල සෑම ජල මූලාශ්‍රයකම ඇති වැදගත් කම මොළයක් ඇති ඕනෑම කෙනෙකුට වටහා හත හැකියි. නමුත් ජල මූලාශ්‍ර වල පැවැත්ම සඳහා වනාන්තර වල ඇති වැදගත්කම ඇතැම් දේශපාලකයින්ට නොවැටහීම අරුමයකි. වැවක් සෑදීම සඳහා යැයි කියමින් වනාන්තර විනාශ කරන්නේ නම් අප පොදුවේ ඒ සඳහා විරුද්ධ විය යුතුයි. වැවක් නිර්මාණය කිරීමට වනාන්තර ප්රදේශයක්ම අවශ්‍ය නැත. මූලිකවම ඒ සඳහා වැදගත් වන්නේ ජල සැපයුමකි. ඔබතුමා කියන පරිදි මෙහිදී විනාශ වන පරිසරයට සමගාමීව නැවත වන වගාවක් කිසිදා සිදුවන්නේ නැත. එසේ කළ හැකිනම් එය දැන්ම ආරම්භ කළ හැකිය. ජනතාවගේ සංවේදී ප්‍රශ්ණ ගැන කටයුතු කරන මුවාවෙන් මේ කිරීමට අරඅඳින වන විනාශයට අපගේ බලවත් විරෝධය මෙහිදී සඳහන් කරමි.
දැන් වයස්ගතයි... කියව කියවා ඉන්නේ නැතුව කරුණාකරලා විවේක ගන්නවා නම් හොඳයි.
ජල පෝෂිත වනාන්තර විනාශ කොට ජල ප්‍රශ්නයට වැව් හදන ක්‍රියාවලිය!!! වැව් පුරවන්න චීනයෙන්ද ජලය? දැන් දැන් අපේ ඇමතිවරුන්ට ඩොලර් මිස ජනතාව නොපෙනෙන ගානයි.
අටුව කඩා පුටුව හදනවා කියන්නේ ඔන්න ඔය වගේ වැඩ කරනවට තමයි.
හම්බන්තොටට හොඳම විසඳුම මුහුදු වතුර...
ලවක් දෙවක් නැතුව " වනාන්තර විනාශ කරමින් ගස් කපන එකේ" ආනිසංශය දැනෙන්නෙත් වතුර නැති අයටම තමයි.
ඇයි අමතකද සුනාමි සල්ලිවලට වැඩේ දීපු අය "උමා ඔය" කියලා අසාර්ථක ව්‍යාපාරයක් කළා... හිටපු ඉරාන් අගමැතිත් එක්ක එකතුවෙලා. අන්තිමට බණ්ඩාරවෙල වතුර උල්පත් නැතිව ගියා. ඒ ව්‍යාපෘතිය කළ කොන්ත්‍රාත්කාරයින් කවදාවත් උමං හාරලා පළපුරුද්දක් නැති මෝඩයින් වගයක්. දැන් මේ මෝඩ අයියා හදන්නේ සිංහරාජේ වතුර ටිකට කෙලින්න. හම්බන්තොට ප්‍රොජෙක්ට්වල ඉන්න චීන්නුන්ට වතුර දෙන්න ඔබට තියෙන රුදාව මොකක්ද...? රාජපක්ෂ හොර අයියලා, මල්ලිලා, වයසක අය තව අවුරුදු 2 ක 3 කින් මැරිලා යාවි. නමුත් අපිට නූපන් පරපුර අරක්ෂා කරගන්න යුතුකමක් තියෙනවා. ඒ මදිවට මේ හාදයා කියනවා සිංහරාජේ රබර් වවනවලු. රබර් කියන්නේ පස සම්පූර්ණයෙන්ම නිසරුකරන වගාවක් බව අහලාවත් නැතිද? රබර් වවලා මදිවුණාම ඉස්සර පොලිසියේ හිටපු කාලේ කළාවගේ ගංජාත් වවයි කැලෑවේ...
රාජපක්ෂ පවුල් සංස්ථාවේ, කොමිස් කාක්කෙක් තවත් හම්බ කරගන්න පුළුවන් යෝජනාවක් දමලා. ලක්ෂ 69 මෝඩ ඡන්ද දායකයන් යළිත් වරක් ගොනාට අන්දන්න හදනවා.