(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වලවේ ගඟේ දිය නෑමට ගොස් 16 හැවිරිදි සිසුවියක් දියේ ගිලී මිය යාම සම්බන්ධයෙන් කල්තොට විද්‍යාලයක බාහිර ක්‍රියාකාරකම් භාර ගුරුවරිය කල්තොට පොලිසිය මගින් ඊයේ (31) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාර්ග ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
අදාළ ගුරුවරිය සිසු දැරියන් 15 දෙනෙකු සමග යම් ක්‍රියාකාරකමක් සඳහා වලවේ ගඟේ දිය නාමින් සිටියදී මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුවී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය
විදුහල්පතිවරයාගේ හෝ කලාප අධ්‍යක්ෂකවරයාගේ අවසරයක් නොමැතිව මෙම දරුවන් රැගෙන ගිය බවට විමර්ශනවලදී අනාවරණ වී ඇත
නොසැලකිලිමත් ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකාර ගුරුවරිය අත්අඩංගුවට ගෙන ඇති අතර අද බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd