(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
වලවේ ගඟේ ගිලී පාසල් සිසුවියක මිය යාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පාසල් ගුරුවරිය රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (01) නියෝග කළේය.
බලන්ගොඩ විදුහලක ගුරුවරියක මෙලෙස ශරීර ඇප දෙකක් මත මුදා හැරිණි.
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ හෝ පාසල් විදුහල්පතිවරයගේ අවසරයකින් තොරව සිසුන් 15දෙනෙකු රැගෙන ගොස්, එම ගුරුවරිය ඉකුත් (30) වැනිදා වලවේ ගඟේ කල්තොට ප්‍රදේශයේ කේෂේත්‍ර පුහුණු චාරිකාවකට සහභාගි වී ඇත. එහිදී දිය නාමින් සිටියදී එක් දැරියක දියේ ගිලි මිය ගියාය.
ඒ සම්බන්ධයෙන් එම ගුරුවරිය ඊයේ(31) රාත්‍රියේදී කල්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද දින බලන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුවරු මෙය පාඩමකට ගන්න ළමයින්ට වැරදිවලට දඬුවම් කරන්න එපා.. පන්තියේ පාඩම් වලින් පිටත වැඩවලට යන්න එපා. වැඩේ සාර්ථක වුණොත් අධ්‍යක්ෂකලා සම්මාන ගනියි. වැරදුණොත් ඔබලාගේ බෙල්ලට තොණ්ඩුව. දැනට අවුරුදු 60ට පෙර තිබුණු ගුරු ගෝල දෙමව්පිය සම්බන්ධය අද නැහැ.
මෙවැන්නක් සිදුවුණු පළමු වතාව නොවෙයි. ළමයි කොහොමද මේ ගුරුවරුන්ගෙන් පාඩම් ඉගෙන ගන්නේ...? අතීතයේ සිදුවුණු මෙවන් දේ වලින් ගුරුවරු පාඩම් ඉගෙන ගන්නේ නැතිකොට...