
(ඉන්දිකා රාමනායක, බී . ගෝමස්, සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැල්ලවත්ත මුහුදු තීරයේ තිබී පුද්ගල මළ සිරුරු දෙකක් හමු වූ බව වැල්ලවත්ත පොලිසිය පවසයි.
වැල්ලවත්ත රාම ක්‍රිෂ්ණා පාර ඉදිරිපිට වෙරළේ ගෙල කපා මරා දැමු බවට සැකකරන පුද්ගලයකු සිරුරක් සොයාගෙන ඇති අතර ආසන්නයේ තිබී පිහියක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
අනෙක් පුද්ගල මළ සිරුර වැල්ලවත්ත ප්‍රදේශයේ මුවර් පාර ඉදිරිපිට වෙරළේ තිබී සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි.
මිය ගිය පුද්ගලයන් දෙදෙනා මෙතෙක් හදුනා ගෙන නොමැති බවත් කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ රෙක්ස් නැමැති නිල සුනඛයා විසින් අවට පරික්ෂා කිරිම් සිදු කරන ලදී.
(ඡායාරූප බී.ජානක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආපහු පටන්ගෙන වගේ නේද..?