(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
වැල්ලවත්ත රාමක්‍රිෂ්ණා පාරේ මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී හමුවූ නාඳුනන මළ සිරුර සිය සොයුරාගේ බව ඇරැව්වල පන්නිපිටිය ප්‍රදේශයේ පුද්ගලයකු අද 12 පැමිණ හඳුනාගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි
මෙලෙස මියගොස් තිබුණේ ඩි.බි. පියල් ජයවර්ධන 54 යන අයයි
මෙය සියදිව නසා ගැනීමක් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි
මියගොස් සිටින තම සොයුරා කාලයක සිට පවතින මානසික රෝගයක් හේතුවෙන් අයි.ඩී.එච් රෝහලෙන් ප්‍රතිකාර ගන්නා බව ද ඔහු පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් පැවසූ බව පොලිස් නිළධාරියෙක් පැවසීය.
මළ සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd