(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වැල්ලම්පිටිය සාලමුල්ල ගමගේ  වත්ත  ප්‍රදේශයේදී   යතුරුපැදියකින් පැමිණි නාඳුනන  පුද්ගලයන් දෙදෙනකු  සිදු කළ වෙඩි තැබීමකින් අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 

බරපතළ   තුවාල ලද පුද්ගලයා වයස අවුරුදු 33 ක් වන හංවැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

තුවාල ලද පුද්ගලයා තවත් කාන්තාවක්  සමඟ තී රෝද රථයකින් ගමගේ වත්තට පැමිණ සිටියදී  මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය