
(ඉන්දිකා රාමනායක)
මෝදර ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙසට හැඳින්වෙන වැල්ලේ සාරංග කැමැත්තාගේ ඝාතන රැසකට සම්බන්ධ ගෝලයකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය සමිට්පුර පදිංචි (25) තරුණයෙකු බවත් අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 27 ට ආසන්න ප්‍රමාණයක් තිබූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු ඝාතන හතරකට සම්බන්ධ පුද්ගලයකු බවද පොලිසිය කියයි.
2022 වසරේදී ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයකු ඝාතනය කර කැලණි ගඟට දැමීම, 2023 වසරේදී සමිට්පුර ප්‍රදේශයේදී කාන්තාවක් පිහියකින් ඇන ඝාතනය කිරීම, එම වසරේම අලිවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපා පුද්ගලයෙකු ඝාතනය කිරීම, එම වසරේම බේරුවල ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයෙකුට තුවාල සිදුකිරීම, 2025 වසරේදී වත්තල ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපා පුද්ගලයෙකු ඝාතනය කිරීම ඔහුට එරෙහිව ඇති චෝදනා බව පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
686
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැල්ලේ සාරංගගේ ගෝලයෙක් අල්ලයි
de silva berlin Sunday, 02 November 2025 12:20 PM
පේනවා නේද මේ පුද්ගලයාගේ නඩු ඉක්මනට අහලා තීන්දුවක් දෙන්න පුළුවන් කම තිබුණා නම් මොහු ඇප පිට සිටිමින් අපරාධ දිගින් දිගටම කරන්න පෙලබෙන්නේ නැහැ. සමහර නඩු වසර 10-15 හෝ ඊට වැඩි කාලයක් ගතවෙන එක සමාජයට විශාල ප්‍රශ්නයක් වහාම කළ යුත්තේ අවශ්‍ය ප්‍රමාණයට විනිසුරුවරුන් බදවාගෙන පුහුණු කර තිබෙන අධිකරණ ගොඩනැගිලි එකවර නඩු 2-3 ඇසිය හැකි ආකාරයට නවීකරණය කරගෙන, අපරාධ සහ අනෙක් නඩු මාස කිහිපයක් තුළ අසා තීන්දුවක් දෙන තත්වයට ගෙන එන්න. අධිකරණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට රජය කටයුතු කරන්න ඕනේ...
සමන් - ඕමානයSunday, 02 November 2025 09:31 PM
ද සිල්වා මයා ගේ අදහස නිවැරදියි. ඒ වාගේම, මහාධිකරණයෙන් අපරාධකරුවන් වෙත දෙනු ලබන මරණ දඬුවම් ක්‍රියාත්මක කල යුතුයි. නැතහොත්, මරණ දඬුවම නියමවූ දරුණු අපරාධකරුවන්, හිරගෙයි ඉඳන් තව තව අපරාධ කරනවා. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා, මහා ධිකරණ විනිසුරු තුමාගේ විනිශ්චය පමණක් ප්‍රමාණවත් වන ආකාරයට නීති රෙකුලාසි වෙනස් කල යුතුයි. මෙම මිනී මැරුම්, ස්ත්‍රී දුෂණ, මත්ද්‍රව්‍ය ජාවාරම් ආදිය ඉතා ඉක්මනින් රටෙන් තුරන් කිරීමට එය හේතු වෙනු ඇත.