
(අංජුල මහික වීරරත්න)
ප්‍රධාන එළවළු සැපයුම් ප්‍රදේශ වන බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ සහ කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථාන වලට විශාල වශයෙන් ගෝවා, කැරට්, බෝංචි ආදී එළවළු වර්ග තොග ලැබෙමින් පවතින බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
මේ වනවිට විවෘතව ඇති ඇල්ල වැල්ලවාය මාර්ගය ඇතුළු සෙසු මාර්ග භාවිත කර මෙම එළවළු නගර කරා ප්‍රවාහනය කරන ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය එළවළු ප්‍රවාහනය කරන වෙළෙඳ නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටී.
දුෂ්කර අවස්ථාවේදී ජනතාව වෙත පහසුවෙන් එළවළු ලබාගත හැකිවන පරිදි ප්‍රවාහන කටයුතු සංවිධානය කරගන්නා ලෙස දැනුම් දෙන කෘෂිකර්ම අමාත්‍යංශය එම එළවළු ජනතාව වෙත පහසු මිලකට සැපයීමට දායක වන ලෙසද දැනුම් දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
200ට 300 ට අරගෙන 1000ට විකණන මාෆියාව වහාම නතර කරන්න. හෙන ගහනවා...
එළවලු ප්‍රවාහනය සදහා අවශ්‍ය ඉන්ධන නොමිලේ ලබාදීමට පියවර ගත යුතුය. පලමුව සමූපකාර සමිති සහ සතොස හරහා කල.හැකිය.
පාරිභෝගික ජනතාව සූරාගෙන කන්න බලාගෙන ඉන්න... අවස්ථාවාදී වෙළෙන්දන්ගෙන් බේරාගැනීමට රජය වහාම මැදිහත් විය යුතුයි.