
(එච්. චන්දන)
රාජාංගනය ජලාශයේ වාන් දොරටු 12 ක් විවෘත කිරීම හේතුවෙන් කලාඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා පුත්තලමේ සිට එළුවන්කුලම හරහා මන්නාරම දක්වා වන මාර්ගයේ විල්පත්තුවට ඇතුල්වීම නවතා දමා තිබේ.
එළුවන්කුලම ප්‍රදේශයේදී කලාඔය ගලා යන සපත්තු පාලම අසල ස්ථාපනය කර තිබූ නාවුක හමුදා මුර පොළ මේ වන විට ඉවත් කිරීමට කටයුතු කර ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි.
රාජාංගනය ජලාශයේ වාන් දොරවල් 02 ක් අඩි 06 බැගින්ද,දොරවල් 6 ක් අඩි 04 බැගින් සහ දොරවල් 4 ක් අඩි 02 බැගින් විවෘත කර ඇත.එම දොරවල් වලින් තත්පරයට ජලය ඝන අඩි 12,250 ක් කලාඔයට මුදා හැරේ.මෙම තත්ත්වය හේතුවෙන් කලාඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගේට්ටුව වහලා දැම්මේ දැන් බොහෝ කාලයකට පෙරයි. එයට හේතුව වශයෙන් වනජීවී එකෙන් කියලා තිබුනේ වාහන එගොඩකළ සපත්තු පාලම රිය අනතුරක් හේතුවෙන් අබලන් වීම නිසා කියලයි.