(නිමල් ජයරත්න) 

වාලච්චේන නගරයට අද (13) කඩා වැදුණු වන අලියෙකු පහර දීමෙන් කාන්තාවක් මිය ගොස් පිරිමි තිදෙනකු තුවාල ලබා වාලච්චේන රෝහලට ඇතුළත් කර ඇති බව වාලච්චේන පොලිසිය කියයි.

මෙම වන අලි ප්‍රාහාරයෙන් මියගොස් ඇත්තේ  කඩවත පොලිස් පාර ලිපිනේ කඩවත පොලිස් පාර, කොළඹ ලිපිනයේ පදිංචිව සිටි ශ්‍රියානි එලිසිබත් යන 68 වයසති මවක බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදු කරන පොලිසිය සඳහන් කරයි.

තුවාල ලැබූ පිරිමි තිදෙනා වාලච්චෙන නගරයේ පදිංචි, අවුරුදු පනහක් හැටත් අතර වයසේ පසු වන අයවලුන් බවද පොලිසිය කියයි.

ඔවුන්ගේ තත්ත්වය බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා  මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති බව වාලච්චේන රෝහලේ ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී පැවසීය.

වාලච්චේන කලපුවේ සිට මියුසික් ක්‍රීඩාංගනයට පැමිණ මෙම වන අලියා වාලච්චේන නගරයට කඩා වැදී, නගරයේ නතර කර තිබූ යතුරු පැදි සහ ත්‍රීරෝද රථය කිීපයකටද පහරදී ඇති බව පොලිසිය සඳහන් කරයි.

වාලච්ඡේන සහකාර පොලිස්  අධිකාරි එම්. එස්. එම්. ජරූල් මහතාගේ උපදෙස් මත වාලච්චේන පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.