
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය වාර්තාවීමෙන් පසුව විපක්ෂයේ මන්ත්‍රීවරැන් එ් සම්බන්ධයෙන් රජයට විවිධ චෝදනා කිරීමෙන් පාර්ලිමේන්තුවේද අද (22) පෙරවරුවේ උණුසුම් තත්වයක් ඇතිවිය.
සිද්ධිය සභාවට මුලින්ම දැනුම් දුන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය.
මේ අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඒ පිළිබඳව දිගින් දිගටම කතා කිරීමෙන් සභාවේ දැඩි නොසන්සුන් තත්වයක් ඇතිවීමෙන් සභාවේ කටයුතු පාලනය කර ගැනීමට කතානායකවරයාට දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේක මාලිමාවට බැරකරන්න හදයි... හැබැයි මැරුණු මනුස්සයා පාතාලේ හරක් කටාට සම්බන්ධයි කියලා ඒ කාලෙ පත්තර වල තිබුණා.
අඬන්න හිටපු එකාට ඇඟිල්ලෙන් ඇන්නා වගේ. මේ සභාපති පාතාලයට සම්බන්ධ කෙනෙක්... සාක්ෂි වහන්න කරපු වැඩක් වෙන්න පුළුවන්.