(තරංග ගුණරත්න)

වැලිගම ප්‍රාදේශිය සභාව නව සභාපතිවරයා ලෙස ජාතික ජන බල වේගයේ චින්තක දර්ශන හේවාපතිරණ මහතා අද තේරි පත්විය.

දකුණු පළාත් පාලන කොමසාරිස් උමංගා එරන්දි මෙනඩිස් මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් නව සභාපතිවරයකු තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසිම සිදු කෙරිණි. 

පැවැති ඡන්ද විමසීමේදී විපක්ෂයේ පක්ෂ නියෝජනය කරමින් සමගි ජන බල වේගයේ එම්.එච්.රසික් ප්‍රියංකර මහතාගේ නම ද ජාතික ජනබල වේගයෙන් චින්තක දර්ශණ හේවාපතිරණ මහතාගේ නම ද යෝජනා කළේය.

ඒ අනුව පැවති ඡන්ද විමසිමේදි ජාතික ජන බල වේගයේ චින්තක දර්ශන හේවාපතිරණ මහතා ඡන්ද 22ක් ලබා ගත් අතර  සමගි ජනබල වේගයේ එම්.එච්රසික් ප්‍රියංකර මහතාට හිමි වූයේ ඡන්ද 21කි.

ඡන්ද 02ක් ප්‍රතික්ෂේප විය. වැලිගම ප්‍රාදේශිය සභාවේ මුළු සභික සංඛ්‍යාව 45කි.

පැවැති පළාත්  පාලන ඡන්දයෙන් ජාතික ජනබලවේගය සභික ආසන 22ක් ද  ඒකාබද්ධ පොදු විපක්ෂට සභික ධුර 23ක් ද හිමිවිය.

වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාට සහසික  වෙඩි ප්‍රහාරයකට ලක්ව මරණයට පත්විය.